පාස්කු ඉරිදා ප්‍රහාරය පළිගැනීමක් – ISIS නායක අබු බකර් අල් බැග්ඩෑඩ්

සිරියාවේ බගූස්හිදී තම සහෝදරයන් මරුමුවට පත්වීමට පළිගැනීමක් ලෙස පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව ISIS සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩ් වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර ඇතැයි AFP (බැග්ඩෑඞ්) වාර්තා කරයි.


බුබකර් අල් බග්ඩාදි 2014 වසරෙන් පසුව යළි පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.
 
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවේදී අයි.එස්. නායකයා කැමරාව ඉදිරියේ පෙනී සිටින්නේ නැතැයි ද AFP වාර්තා කර ඇත.

අයි.එස්. සංවිධානයයට බටහිර රටවලට එල්ල කරන ලද ප්‍රහාර එම සංවිධානයේ දීර්ඝකාලීන යුද්ධයක් කොටසක් පමණක් බවත් ගැටුම්වලදී මියගිය තම සාමාජිකයන් වෙනුවෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු කරන බවත් අබු බකර් අල් බැග්ඩෑඩී පවසා ඇත.

Recommended For You

About the Author: Editor