මෙරටින් පිටුවහල් කළ බංගලි ජාතිකයින් 11 දෙනා බංගලිදේශයේ දී යළි අත්අඩංගුවට

පසුගිය පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරය මෙහෙය වූ මරාගෙන මැරෙන බෝම්බකරු වන ඉන්සාෆ් අහමඞ් ඊබ‍්‍රහීම් නැමැත්තාට අයත් යැයි කියන වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිත තරුණයින් 11 දෙනා ශ‍්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ශ‍්‍රී ලංකාවෙන් පිටිහල් කරන ලද මෙම තරුණයින් 11 දෙනා බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම තරුණයින්ට ඉන්සාෆ් අහමඞ් ඊබ‍්‍රහීම් සමග හෝ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සමග සම්බන්ධතා පවතින්නේ ද යන්න ගැන බංග්ලාදේශ ආරක්ෂක අංශ වැඩි දුරටත් කරුණු පරීක්ෂා කරනු අුැතැයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor