සමාජ මාධ්‍ය සීමා වහාම ඉවත් කරන මෙන් ජනපති නියෝග කරයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට තිබූ බාධා වහාම ඉවත් කරන ලෙස ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇතැයි රජයේ ප‍්‍රවෘති අධ්‍යක් ජනරාල් නාලක කලූවැව මහතා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම බාධා ඉවත් කළ ද රට තුළ පවතින තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේ දී වගකීමෙන් කටයුතු කරන මෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. මෙම සීමා ඉවත් කිරීම සමග ෆෙස්බුක් ඇතුළු සියලූම සමාජ මාධ්‍ය වෙත ප‍්‍රවේශවීමේ හැකියාව ශ‍්‍රී ලාංකිකයින්ට නැවත උදාවේ.

Recommended For You

About the Author: Editor