දිවි පරදුවට තබා මව්බිම ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති මැයි දින සැමරුමේ දී අවධාරණය කරයි

අපේ‍්‍රල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලූ ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපති පවසයි.

වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප‍්‍රකාශ සිදුකරමින් එකිනෙකාට ඇගිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලූ දෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමග ත‍්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලූදෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැදගැනීම බව ද ජනාධිපති අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.

'ආරක්ෂිත මවු බිමක් - ජවය පිරි වැඩ බිමක්' තේමාව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබු මෙම සැමරුම් උත්සවයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

එමෙන්ම නව සම සමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන්, වාමාංශික පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ද ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, මහතා,වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් මීට එක්ව සිටියහ.

ජනාධිපති මෙහිදී අවධාරණය කළේ රටත්, ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබා ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ කාර්යයට උර දෙන බවයි.

රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙන බව සදහන් කළ ජනාධිපති ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහළ වැඩපිළිවෙළක් විදේශීය විශේෂඥ දැනුම ද සහිතව අපගේ ආරක්ෂක හමුදාවන් මේ වන විට දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන බව සදහන් කළේය.

එමෙන්ම ජනාධිපති මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම ඛේදවාචකය වළක්වාගැනීමේ වගකීම් පැහැර හැරී සියලූ දෙනා වෙනුවෙන් ද ඉදිරියේ දී නිසි පියවර ගන්නා බවයි. මෙම සිදුවීම පිළිබද සති දෙකක වාර්තාවක් ලබා දීමට තමා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව ඊයේ තමාට ලැබුණු බවත්, එහි සදහන් කරුණු පිළිබද හෙට නීතිපතිවරයා සමග සාකච්ඡුා කර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ජනාධිපති සදහන් කළේය.

එමෙන්ම මෙරට වැඩකරන ජනතාව, වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුථ සියලූදෙනා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැගීමේ කාර්යය සමග කිසිදු බේදයකින් තොරව පෙළ ගැසෙනු ඇති බවට ද ජනාධිපති විශ්වාසය පළ කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුථ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පාක්ෂිකයන් මීට එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor