ශ‍්‍රී ලංකාවෙන් ඉවත් වන ලෙස ශ‍්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය තම පුරවැසියන්ට දැනුම් දෙයි

ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින සියලූම සෞදි අරාබි ජාතිකයින්ට වහාම මෙරටින් පිටවී යන ලෙස ශ‍්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලය ට්වීටර් පණිවුඩයක් මගින් දැනුම් දී ඇතැයි සවුදි රජයේ රුපවාහිනි සේවාව නිවේදනය කර තිබේ.

ඉදිරියේදී ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායම් විසින් යලිත් වරක් ශ‍්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයෙන් පසු සවුදි තානාපති කාර්යාලය වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඉකුත් පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

Recommended For You

About the Author: Editor