ක‍්‍රිකට් ලොවේ රන් දෙවොල හිමි MCC සභාපති පදවියෙන් සංගක්කාර පිදුම් ලබයි

මහා බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛතම ක‍්‍රිකට් ක‍්‍රිඩා සමාජය වන මැරලිබෝන් ක්‍රීඩා සමාජයේ Marylebone Cricket Club (MCC) මීළඟ සභාපති තනතුර සදහා ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යෝජනා වී ඇත.

ඊයේ (01) පැවති මැරලිබෝන් ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මේ යෝජනාව සිදුව තිබේ.  ඒ අනුව කූමාර් සංගක්කාර MCC ක්‍රීඩා සමාජයේ සභාපතීත්වයට පත් පළමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා ලෙසින් ඉතිහාසයට එක් වනු ඇති අතර ඔහුගේ නිල කාලය මේ වසරේ ඔක්තෝම්බර් පළමුවනදා සිට 2020 සැප්තැම්බර් දක්වා වසරක් ඉදිරියට බලපවත්වනු ඇත.

මැරලිබෝන් ක්‍රීඩා සමාජය යනු 1787 දී ලන්ඩනයේදී ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙසින් හඳුන්වන සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙහි හිමිකාරීත්වය දරන ලොව පැරණිතම සහ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයයි. ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලුම නීතී රීතින් සම්පාදනය කිරීමේ බලය හිමිවන්නෙද මෙම ක්‍රීඩා සමාජයටය.

Recommended For You

About the Author: Editor