වෙනිසියුලානු බල අරගලය උග‍්‍ර අතට

වෙනිසියුලානු වාමාංශික ජනපති නිකලස්  මාදුරෝගේ රජය පෙරළා දැමීම සඳහා ඇමෙරිකානු සහාය ලබන විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ විසින් දියත් කළ කුමන්ත‍්‍රණය පරාජය කළ බව වෙනිසියුලානු රජය පවසයි.

මාදුරෝගේ වාමාංශික රජය පෙරළා දැමීම සඳහා විපක්ෂ නායකයා එරට හමුදාවෙන් කළ ඉල්ලීම හමුදාව විසින් ප‍්‍රතික්ෂේප කිරීම මීට හේතු වී තිබේ.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මාදුරෝට පක්ෂපාතී භට පිරිස් සහ ගුඅයිඩෝට පක්ෂපාතී භට පිරිස් අතර ගැටුමක් සිදුව ඇති බවයි. දෙපාර්ශ්වයට ම සහය දෙන පිරිස් කරකස් අගනුවර විවිධ තැන්වලට ඒකරාශී වී සිටින අතර ගුඅයිඩෝ ට හිතවත් පිරිස් හා සන්නද්ධ හමුදා වාහන අතර ගැටුම් පවතී. විරෝධතාකරුවන් ගල්මුල්වලින් පහර එල්ල කරද්දී කඳුළු ගෑස් හා ජල තුවක්කුවලින් ඔවුන් වෙත ප්‍රති ප්‍රහාර එල්ල වේ.

නිල ඇඳුම් ලා ගත පිරිසක් සමග වීඩියෝ දර්ශනයක පෙනී සිටි ගුඅයිඩෝ, තමන්ට හමුදා සහය ඇති බව පැවසීය. පසුගිය ජනවාරියේදී තමන් අන්තර්කාලීන ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කළ ගුඅයිඩෝ, මදුරෝ විසින් බලය “පැහැර ගනු ලැබීම” අවසන් කිරීම සඳහා සහය දෙන ලෙස හමුදාවේ සාමාජිකයින් වැඩි දෙනාගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

වෙනිසියුලාවේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන රුසියාව වෙනිසියුලාව සඳහා වන ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර සහ ඇමෙරිකානු හිතවාදී දකුණු ඇමෙරිකානු රටවල මැදිහත්වීම දැඩිව හෙළා දැක තිබේ. එහිදී රුසියාව චෝදනා කරන්නේ වෙනිසියුලානු විපක්ෂ නායකවරයා ඇමෙරිකාවේ සහායෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවයි.

දෙපාර්ශ්වයට ම සහය දෙන පිරිස් කරකස් අගනුවර විවිධ තැන්වලට ඒකරාශී වී සිටිති. ගුඅයිඩෝ ට හිතවත් පිරිස් හා සන්නද්ධ හමුදා වාහන අතර ගැටුම් පවතී. විරෝධතාකරුවන් ගල්මුල්වලින් පහර එල්ල කරද්දී කඳුළු ගෑස් හා ජල තුවක්කුවලින් ඔවුන් වෙත ප්‍රති ප්‍රහාර එල්ල වේ. සන්නද්ධ රථ මිනිසුන් රැසක් අතරට ධාවනය වන අයුරු රූපවාහිනි කැමරාවලට ද හසු වුවත්, කිසිවකුට හෝ තුවාල සිදුවීද යන්න පැහැදිලි නැත. මේ අතර, රූපවාහිනියෙන් ප්‍රකාශයක් කළ වෙනිසුවෙලා හි ආරක්ෂක ඇමති ව්ලදිමීර් පද්‍රිනෝ අවධාරණය කළේ හමුදාව තවමත් මදුරෝ සමග සිටින බවය. ඇතැම් හමුදා සාමාජිකයින්ගේ නැගී සිටීම “අර්ධ වශයෙන් පරාජය කළා” යැයි ඔහු පැවසුවද ලේ වැගිරීමක් විය හැකි යයිද අනතුරු ඇඟවීය.

“රටේ ස්වෛරීබව හා නිදහස ආරක්ෂා කිරීම සඳහා ජනරජයේ අවි සුදානම්” යැයි ද ඔහු අනතුරු ඇඟවීමේ දැක්විණි.

මේ අතර වෙනිසියුලානු රජයට පක්ෂපාතී මාධ්‍ය සඳහන් කරන්නේ ජනපතිවරයාට එරෙහිව විදී බසින ලෙස විපක්ෂ නායකයා කළ ඉල්ලීමට ජනතාව ප‍්‍රතිචාර දක්වා නැති බවයි.

වෙනිසියුලාවේ පසුගිය කාලය තුළ පවතින දැඩි ආර්ථික අවපාතය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීම පවා අති දුෂ්කර වී ඇති අතර ජනතාව පසුගිය කාලය පුරාම ඒ සම්බන්ධයෙන් වාමාංශික රජයට දැඩිව විරෝධය පළ කළේය. එහෙත් මේ තත්ත්වය දඩමීමා කරගෙන වාමාංශික රජය බලයෙන් පහ කර ඇමෙරිකානු ගැති විපක්ෂ නායකයා බලයට ගෙන ඒමට එරට ජනතාව විදී නොබසිනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයින්ගේ අදහස වේ. එහෙත් ධවල මන්දිරය දැඩිව අවධාරණය කරන්නේ වෙනිසියුලානු වාමාංශික ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා තමන් විසින් ගත් පියවර යළි පසුපසට නොගන්නා බවයි.

Recommended For You

About the Author: Editor