ගත වූ මාස හතර තුළ අලි මිනිස් ගැටුමෙන් අනුරාධපුරයේ අලි 14 ක් මිය ගිහින්

අලින්ගේ පහරදීමෙන් මේ වසරේ ගෙවුණු මාස හතර තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස් ජීවති අටක් අහිමිව ඇතැයි , අනුරාධපුර කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. සරත් මහතා පැවසී ය.  එම මියගිය පුද්ගලයින් වෙනුවෙන් පවුලේ ඥාතීන් වෙත එක් පවුලක ලක්ෂ පහ බැගින්  වන්දි ලබා දී තිබේ.  අනුරාධපුර එම කාලයේ දී මියගොස් ඇති අලින් ගේ ගණන දා හතරකි.

අලින්ගේ ග්‍රහණයට හසුව මියගිය පුද්ගලයින් තලාව , කැකිරාව , නොච්චියාගම ,කහටගස්දිගිලිය , කැබිතිගොල්ලෑව හා තඹත්තේගම යන ප්‍රදේශවලින් වාර්තා වේ. අලි මිය යාමේ වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයෙනි. දැන

අලින්ගේ පහරදීමෙන් මේ වසරේ ගෙවුණු මාස හතර තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස් ජීවති අටක් අහිමිව ඇතැයි  , අනුරාධපුර කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. සරත් මහතා පැවසී ය. එම කාලයේ දී මියගොස් ඇති අලින් ගේ ගණන දා හතරකි.

අලින්ගේ ග්‍රහණයට හසුව මියගිය පුද්ගලයින් තලාව , කැකිරාව, නොච්චියාගම, කහටගස්දිගිලිය , කැබිතිගොල්ලෑව හා තඹත්තේගම යන ප්‍රදේශවලින් වාර්තා වේ. අලි මිය යාමේ වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයෙනි. වසරේ මුල් මාස හතර තුල මියගිය අලි 14 දෙනාගෙන් 7 දෙනෙකුගේම මරණ වාර්තා වූයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයෙන් වීම විශේෂත්වයකි.

2018 වසරේ දී අලි මිනිස් ගැටුම නිසා අනුරාධපුර වනජීවී කලාපයේ මිනිස් ජීවිත 17 ක් අහිමි විය. වාර්තා වූ අලි මරණ සංඛ්‍යාව 53 කි.

අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම් .වන්නිනායක මහතා සඳහන් කළේ , විදුලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කර ඇත්තේ මෙම ගැටලුවට යම් හෝ විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි.

ෂෙල්ටන් බණ්ඩාර

Recommended For You

About the Author: Editor