මරාගෙන මැරෙණ ප‍්‍රහාරවලට සැක පුද්ගලයින්ගේ DNA ඔවුන්ගේ සමීප ඥාතීන්ගේගේ රුධිර සාම්පල සමග සැසදීමට අධිකරණ නියෝග

පසුගිය දා සමන්තුෙරේ සෙයින්දමරදු ප‍්‍රදේශයේ දී ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුමේ දී මරාගෙන මැරෙන බෝම්බ පුපුරා ගෙන ජීවිතක්ෂයට පත් ත‍්‍රස්තවාදීන්ගේ භූමිදාන කටයුතු කිසිදු ආකාරයක ආගමික වතාවත්වලින් තොරව අද සමන්තුරේ පොලීසියේ මැදිහත්වීම මත සිදු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේය.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේ ද සඳහන් කළේය.

ත‍්‍රස්තවාදීන්ගේ මළ සිරුරු භූමිදානය කරන විට ආගමික වතාවත් නොකළත් එහිදී මිය ගිය ළමුන් 06 දෙනාගේ භූමිදාන කටයුතුවලදී ආගමික වතාවත් ඉටු කිරීමට පොලිසිය පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු සඳහන් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා, ත‍්‍රස්තවාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා ස්ථාන පරීක්ෂා කිරීමට වත්මන් නීති අනුව ආරක්ෂක හමුදාවලට ද බලතල තිබෙන බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවේ ප‍්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ නැඟණිය ආරක්ෂක අංශ විසින් මඩකළපුවේදී අත්අඩංගුවට ගත් බවත් ඒ අවස්ථාවේ දී ඇය සතුව සහරාන් විසින් ලබා දුන් බවට සැක රුපියල් ලක්ෂ 20ක මුදලක් තිබූ බවත් කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකරයා අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරින තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවත් එවැනි සිද්ධීන්වලට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් කිහිප දෙනකුට එරෙහිව දින කිහිපයකින් නීතිය ක‍්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

මේ අතර මරාගෙන මැරෙණ ප‍්‍රහාරවලට සැක පුද්ගලයින්ගේ ඞී.එන්.ඒ ඔවුන්ගේ සමීප ඥාතීන්ගේගේ රුධිර සාම්පල සමග සැසදීමට අධිකරණය විසින් නියෝග කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor