ජාතික තවුහිද් ජමාත් කාත්තන්කුඩි ආරක්ෂක නිවස සොයා ගැනේ

රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කාත්තන්කුඩි ආරක්ෂක නිවස සොයා ගෙන තිබෙනවා.

එම නිවස භාරව කටයුතු කළ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවුහිද් ජමාත් සංවිධානය ඔහු හදුන්වා ඇත්තේ ”අබු හබාබී” යන අන්වර්ත නාමයෙන් බව සැකකරු ප‍්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ජාතික තවුහිද් ජමාත් සංවිධානය නුවරඑළිය ප්‍රදේශයේ පැවැත්වූ පුහුණු පාඨමාලාවකට ද සහභාගී වී ඇති අතර විසි දෙනෙකු පමණ ඊට එක්ව සිටි බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.

පසුගිය 26 වනදා සයින්දමරුදු බොලිවේරියන් ගම්මානයේ දී බොම්බ පුපුරුවාගනිමින් මියගිය සහරාන්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් ඩ්‍රෝන කැමරාවක් යොදා ගනිමින් අවට ප්‍රදේශය රූගත කළ දර්ශන බුද්ධි අංශ නිලධාරීන්ට හමුව තිබෙන අතර ඔහු එම පටිගත කිරීම් සිදුව ඇත්තේ මෙම නිවසේ රැදී සිටිමින් බවයි ප‍්‍රකාශ වන්නේ.

Recommended For You

About the Author: Editor