විවාහා වී සිවු දිනකින් තායිලන්ත රජු කිරුළත් පළඳියි

ආසන්න දින කිහිපයක් තුළ (මැයි 2 දා ජපන් අධිරාජ්‍යයා කිරුළු පැළඳුවා) ලෝකවාසීන්ට තවත් අසිරිමත් මෞලී මංගල්‍යයක් දැක බලා ගැනීමේ භාග්‍ය අද (4) උදා වුණා. ඒ ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත‍්‍ර වන රජ පවුලක් ඇති තායිලන්තයෙනුයි.

අද තායිලන්ත ජනතාවට වගේම සකල ලෝකවාසී බෞද්ධයින්ටත් සුවිශේෂ දිනයක්. ඒ තායිලන්තයේ නව රජු ලෙස ‘‘මහා වජිරාලොන්ග්කෝර්න්’’ කුමරු ‘‘දස වන රාම රජු ’’ ලෙස කිරුළු පැළඳි නිසයි.

1782දී තනි පවුම් රත‍්‍රං කිලෝ 7 යි ග‍්‍රෑම් 300කින් නිම කරන ලද තායිලන්ත කිරුළු හිස මත පළඳින විට 69 වන වියේ පසු වුණා.

වජිරාලොන්ග්කෝර්න්’’ කුමරුට තායිඔටුන්නට හිමිකම් වුණේ දීර්ඝ කාලයක් තායිලන්තයේ සිහසුන දරා සිටි ‘‘භූමිහෝල් අයුල්යාදේව් රජු’’ 2016 වර්ෂයේදී ස්වභාවිකව ම මිය ගිය නිසයි.

අභිෂේකයට දින කිහිපයකට පෙර ..

තායිලන්ත රජු තම අභිෂේකයට (මැයි 01දා) පෙර සිටයි ලෝක ජනමාධ්‍යවල අවධානය දිනා ගත්තේ. ඒ තායි රජු සිවුන වරටත් තම පේ‍්‍රම ලෝකය දිග්විජය කළ නිසයි.

69 හැවිරිදි, දරුවන් 07 දෙනකුගේ පියා වන තායිලන්ත රජු මීට දින කිහිපයකට පෙර තමන්ගේ සිවුන රැජිණගේ අත ගත්තා.

තායි රජුගේ මේ තීන්දුව තායි ජාතිකයින්ට නම් ඒ හැටි අරුමයක් නොවුණ බවයි තායි මාධ්‍ය කියන්නේ. ඔහු මීට පෙරත් මෙවැනිම විවාහයන් තුනකට හිමිකම් කියා තිබුණ නිසයි.

ඒත් තායි මාධ්‍යවල වගේම ජාත්‍යන්තර මාධ්‍යවලත් තායි රජුගේ අභිෂේකයට වඩා මේ අතිනත ගැනීම උණුසුම් පුවතක් වුණේ රජු අත ගත්තේ එසේ මෙසේ කතකගේ නොව ‘‘ජනරාල්වරියකගේ ’’ වීම නිසයි.

අද දින දින තායිලන්ත රැජිණ බවට පත් වන අලූත ගෙනා මනාලිය වන ‘‘සුදීතා’’ තායි කුමරුගේ අවධානයට දිනා ගත්තේ 2014 සිට බවයි තායි මාධ්‍ය කියන්නේ. 2014 දී කුමරු විසින් ඇයව තම ආරක්ෂක අංශයේ නියෝජ්‍ය ප‍්‍රධානී තනතුරට පත් කළා. තවත් වසර දෙකකට පසු 2016 දෙසැම්බර් මාසයේදී ඇය ජෙනරාල් ධූරයට උසස් කළා පමණක් නොව තම ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක අංශයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරිනිය බවට ද උසස් කළා.

බදාදා (01) නව යුවලගේ විවාහය සිද්ධ වුණා. රජු පූජනීය ජලය සුදීතාගේ මිස මත හෙළමින් ඇය තම බිරිය බවට පත් කර ගත්තා. මේ අවස්ථාවට තායි රජ පවුලේ බොහෝ පිරිසක් පැමිණ සිටියා.

ඉතිං, අද දින සිට රජුගේ ආරක්ෂාව භාර ප‍්‍රධානියා වූ ජෙනරාල් සුදීතා මුළු තායිලන්තයේම ආරක්ෂිකාව බවට පත් වන බව පැහැදිලි කරුණක්.

Recommended For You

About the Author: Editor