ජනමාධ්‍ය දඩබල්ලන් වූ විට උරුම වන බියකරු ප‍්‍රතිඵල – වසර 15කට පෙර රුවන්ඩාව

1994 අපේ‍්‍රල් 07 වෙනිදා රාත‍්‍රියෙන් ආරම්භ වී ජුලි 15 වෙනිදා දක්වා රුවන්ඩාවේ සිදු වූ මහා ජන සංහාරය අපට කියා දෙන පාඩම කුමක්ද ?

ජනපීඩක ජනඝාතක ආණ්ඩුවක් සමග එක්ව ජනමාධ්‍ය දඩයමේ ගිය ආකාරය සඳහා වූ මෑත කාලීන හොඳම උදාහරණය අප වෙත ගෙන එන්නේ මධ්‍යම අප‍්‍රිකානු රටක් වන රුවන්ඩාවෙනි. එය හැදෑරීමෙන් ලංකාවේ ජනමාධ්‍ය දඩයමේ ගිය සහ යන හැටි ගැන හොඳ අවබෝධයක් ලබා ගත හැකිවාක් මෙන්ම ඔවුන් අවසානයේ නතර වන්නේ කොතැනදැයි අපට පාඩම් කියා දෙයි.

රුවන්ඩාව

කොංගෝව, බුරුන්ඩි, ටැන්සානියාව සහ උගන්ඩාවට මායිම්ව පිහිටි රුවන්ඩාව භූමි ප‍්‍රමාණයෙන් වර්ග කිලෝ මීටර් 26.338 කි. මෙය භූගෝලීය වශයෙන් කඳු සහ තැනිතලා බහුල රටකිග දින 100 ක් ඇතුළත මිනිසුන් 8 ලක්ෂයක් ඝාතනය කරන ලද වර්ග සංහාරය සිදුවූ 1994 වන විට එම රටෙහි මුළු ජනගහනය මිලියන 7 ක් පමණ විය. එම ජනතාව අයත් වූයේ හුටූ, ටුට්සි සහ ත්වා යන ප‍්‍රධාන ගෝත‍්‍ර 3 කට යග මුළු ජනගහනයෙන් 85‍%ක් වූ බහුතරය හුටූ ගෝත‍්‍රයට අයත් වූ අතර 14‍% ක් ටුට්සි ගෝත‍්‍රයට 1‍%පමණ ඉතා සුළු පිරිසක් එම රටෙහි ආදිම වැසියන් වූ ත්වා ගෝත‍්‍රයට අයත් වූහ.

රුවන්ඩාව මුල් වරට 1884 දී ජර්මානු පාලනයට යටත් වන අතර 1916 දී එය ජර්මානුවන්ගෙන් බෙල්ජියම අතට පත්වෙයි. බෙල්ජියම් පාලනය යටතේ 1933 දී සියළුම රුවන්ඩා වැසියන්හට පුරවැසි හැඳනුම්පත් නිකුත් කරන අතර ඒවායෙහි ඔවුන්ගේ ගෝත‍්‍රයට කුමක්දැයි සඳහන් කෙරිණි.

1959 දී පළමුවරට මහා පරිමාණයෙන් ටුට්සිවරුන් ඝාතනය කෙරුණු ඝාතන රැල්ලක් දියත් වියග නැවත වරක් 1963 දී ද එවැනිම සිදුවීමක් සිදුවූ අතර මේ අවස්ථාවන් දෙකේ දීම බොහෝ ටුට්සි ගෝත‍්‍රයට ජනයා අසල්වාසී රටවලට සරණාගතයන් ලෙස පලා ගියහ.

බෙල්ජියම් යටත් විජිත පාලනය හුටූ සහ ටුට්සි ගෝත‍්‍රයට කණ්ඩායම් අතර වූ පාරම්පරික විරසකය තම පාලනය පහසු කර ගැනීමේ උපක‍්‍රමයක් ලෙස භාවිතා කළහග ඔව්හු තම පාලනයට වැඩිපුර හවුල් කර ගත්තේ ටුට්සි ගෝත‍්‍රිකයින්යග එහෙයින් ඔව්හු යටත් විජිත පාලනයෙහි වරප‍්‍රසාද අත්පත් කරගත් පිරිසක් බවට ඉබේම පත්වූහග මෙම තත්ත්වය බහුතරයක් වූ හුටූ ගෝත‍්‍රිකයින් හට ඉවසුම් නොදෙන්නක් විය.

කෘත‍්‍රිමව ස්ථාපිත ආදර්ශ

මීට අමතරව රුවන්ඩා සමාජය තුල කෘත‍්‍රිමව මුල් බැස ගන්වන ලද ස්ථාපිත ආදර්ශ ”ස්ටීරියෝ ටයිප්” ද තිබිණි. ඉන් එකක් නම් හුටූ ගෝත‍්‍රිකයින්ට වඩා ටුට්සින් සාපේක්ෂව බුද්ධිමත්ය යන්නය. ඊට අමතරව මානව දේහ ස්වරූපය අනුව ටුට්සි ගෝත‍්‍රිකයට අයත් වූවන් උස් වූ කෙට්ටු සිරුරු ඇති තියුණු නාසයකින් යුක්ත අය බවත් හුටූ ගෝත‍්‍රිකයින් මිටි තරබාරු සිරුරු සහිත පැතැලි නාසයකින් යුක්ත වූවන් බවත් පොදු පිළිගැනීමක් බවට පත් කොට තිබිණි. ටුට්සි ගෝත‍්‍රිකයින් අතීතයෙහි ඉතියෝපියාවෙන් සංක‍්‍රමණයවූවන් බවට පිළිගැනීම නිසා ඔවුනට ඇති ඉතියෝපියානු ජෛව බන්ධුතාවය හේතුවෙන් ඔවුන් එම රූපකායට හිමිකම් කියන බවද විශ්වාස කෙරේ. කෙසේ නමුත් කල් යාමේ දී බහුතර ජනතාව වූ හුටූවරු වරප‍්‍රසාද අහිමි කඳුකර නූගත් දිළිඳු ගොවීන් බවට නිරායාසයෙන්ම පත්වූහ.

1962 දී බෙල්ජියම රුවන්ඩාවට නිදහස ප‍්‍රදානය කිරීමෙන් පසු එහි පාලනය ස්වදේශිකයන් අතට ලැබිණි. 1973 දී එවකට බලයේ සිටි රුවන්ඩා ජනාධිපති ග්රෙගොරි කයිබන්ඩා බලයෙන් පහකොට හමුදා කුමන්ත‍්‍රණයක් මගින් ජුවනල් හබ්යාරිමානා බලය අල්ලා ගත්තේ ය. ඔහු ද බලයෙන් පහකළ නායකයා මෙන්ම හුටූ හුටු ගෝත‍්‍රිකයෙකි. ඔහුගේ පාලනය විය යුතු පරිද්දෙන්ම මිලිටරි පාලනයක් විය. තම හිතවතුන්ට සහ ආධාරකරුවන්ට හිතුමතේ ක‍්‍රියාකිරීමට නිදහස දී තිබූ හබ්යාරිමානා ගේ පාලනය බෙහෙවින් දූෂිත එකක් විය. ස්වයංවීරාභිවාදනයට බෙහෙවින් ලොල් වූ මෙම පාලකයා ජනතාව අතර ප‍්‍රතිරූපය නැංවීම සඳහා සියළු බලතල යෙදැවූයේ ය. තාප්ප බිත්ති පුරාත් සුවිසල් දැන්වීම් පුවරුවලත් රජයේ කාර්යාල ආදියෙහිත් තම රූපය ප‍්‍රදර්ශනය කිරීමත් මාධ්‍ය මගින් ඔහු පිළිබඳ ප‍්‍රශංසාත්මක තොරතුරු ප‍්‍රචාරය කිරීමත් ආදිය හැරුණු කොට වරෙක ඔහු තම රුව මුද්‍රණය කරන ලද පළඳනාවක් රජය සහ පුද්ගලික අංශවල සියලූ සේවක සේවිකාවන් රාජකාරි කාලය තුළ පැළැඳ සිටි බවට වූ නොනිල නියෝගයක් ද ක‍්‍රියාත්මක කරවීමට උත්සාහ කෙළේය. එය කෙතරම් බලවත් වූයේද යත් සමහර දේවගැති වරුන් දේව මෙහෙයන් පවත්වද්දී ජනාධිපතිගේ රුව තම ලෝගුවේ පැලැඳ ගැනීමට පුරුදුව සිටියහ. එම පළඳනාව පැළැඳ සිටීම ප‍්‍රතික්ෂේප කළ අයට නොයෙක් ආකාරයේ තාඩන පීඩන සහ හිරිහැරවලට ලක්වීමට සිදුවිය.

සිවිල් යුද්ධයක් වෙත

රුවන්ඩාවෙන් සරණාගතයන් ලෙස උගන්ඩාවට පලා ගොස් සිටි පිරිස් එක්ව රුවන්ඩා දේශපේ‍්‍රමී පෙරමුණ (RPF) ආයුධ සන්නද්ධ සංවිධානයක් ගොඩනගන ලද අතර එය ටුට්සිවරුන්ගේ සංවිධානයක් විය. ඔවුන්ගේ අරමුණු වූයේ බලය බෙදා ගැනීමේ ක‍්‍රියාමාර්ගයක් ඔස්සේ පාලනයේ හවුල්කරුවන් වීමත් සරණාගතයන් ලෙස අසල්වාසී රටවල ජීවත්වන්නන්ට නැවත රුවන්ඩාවට පැමිණ ජන ජීවිතය ආරම්භ කිරීමට අවකාශය සැලසීමත් ය. ඔව්හු 1990 ඔක්තෝම්බර් 01 දා උගන්ඩාවේ සිට දේශසීමාව ආක‍්‍රමණය කොට කිගාලි අගනුවර වෙත ගමන් කිරීමට පටන් ගැනීමත් සමග හුටූ බලය සහිත ආණ්ඩුවත් ටුට්සි බලය සහිත රුවන්ඩා දේශපේ‍්‍රමී පෙරමුණත් අතර සිවිල් යුද්ධය ආරම්භ විය.

ගුවන් විදුලියේ ප‍්‍රවේශය

එතෙක් රුවන්ඩාවේ පැවැති රාජ්‍ය පාලිත ගුවන් විදුලි සේවාවට අමතරව 1993 අගෝස්තු 08 වෙනිදා නව පුද්ගලික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කෙරිණි. එහි නම ”කඳු දහසක්” යන අරුත් ඇතිිමිල්ලෙ ”කොලින්ස්” යන්නයි. එෆ් එම් 106 තරංග මාලාව ඔස්සේ ප‍්‍රචාරය කෙරුණු RTLM යන කෙටි නමින් හඳුන්වනු ලැබූ ගුවන් විදුලි විකාශයේ මුල් කාලයේ අඛණ්ඩව ප‍්‍රචාරය කෙරුණේ වේග රිද්ම කොංගෝ ගීත විය. ක‍්‍රමක‍්‍රමයෙන් අතරින්පතර නිවේදකයන්ගේ හඬ අසන්නට ලැබුණු අතර එය ටුට්සිවරුන් උපහාසයට ලක් කෙරෙන කැත විහිලු දක්වා වර්ධනය විය.

ඉන් අනතුරුව ඔව්හු ගුවන් විදුලි විකාශනාගාරය සමග අසන්නන්ට දුරකථන මගින් සම්බන්ධ වීමේ අවස්ථාව විවෘත කළ අතර ”මහ මඟ රේඩියෝව” වැනි අදහසක් ගෙන එන හැඳින්වීමක්ද ආරෝපනය කර ගත්තේයග ඉතා කෙටි කලෙකින් විකාශන කටයුතු දීප ව්‍යාප්ත කරමින් කැපී පෙනෙන ලෙසම රජයේ ගුවන්විදුලියට වඩා උද්වේග කර ස්වභාවයක් සහ විනෝදාස්වාදයට වැඩි ඉඩ කඩක් සපයන ඇමරිකානු ආකෘතික ඌරුවක් ද ලබා ගත්තේය. ගුවන් විදුලි සේවයේ පුළුල් වීමත් සමගම කුඩා බැටරිවලින් ක‍්‍රියාත්මක වන ගුවන් විදුලි යන්ත‍්‍රරද රට පුරා ප‍්‍රචලිත විය.

ගමන වෙනස් වෙයි

අකාර්යක්ෂම සහ කුසීත රජයේ නිලධාරීන් ආයතන සහ ආයතන ප‍්‍රධානීන් ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමත් අසන්නන් හට තම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමත් ඔස්සේ නව ගුවන් විදුලි සේවය වඩා ජනප‍්‍රිය විය. 1994 නව වසර උදාවීමත් සමගම මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලියේ ප‍්‍රධාන වෙනසක් දකින්නට හැකි විය.

”රට අභ්‍යන්තර අනතුරකට මුහුණ පා ඇති බවත් ඉන් ගැලවීමට ඇති එකම මග හැකි සෑම ආකාරයකින්ම අනතුරට එරෙහිව සටන් කිරීම බව”ත් අසන්නන් හට ඒත්තු ගන්වන ආකාරයේ ප‍්‍රචාරයන් ආරම්භ කෙරිණි.

ඒ අනුව දිනපතා ප‍්‍රචාරය කළ ආරාධිත පාර්ශව අතර විවාදාත්මක වැඩසටහන්වලට සහභාගී වූවන් නියෝජනය කෙළේ අගතිගාමී සහ වඩාත් අගතිගාමී මතවාදයන් යග රජයේ ලැජ්ජාවට පත් කරමින් කෙරුනු විවේචන ක‍්‍රමයෙන් පුරවැසියන් ඉලක්ක කොට නම් කිරීම දක්වාම වර්ධනය විය. එවැනි එක් උදාහරණයක් ලෙස දැක්විය හැකි වැඩ සටහනක මෙසේ ප‍්‍රචාරය කෙරිණි.

ර්‍”බුයාගා ජනපදයේ මුරම්භාහි ජෙනී සයවැනි වසරට උගන්වන ගුරුවරියකි. ඇය පාසැලේ හොඳ දේවල් කිසිත් නොකරයි. ඇය තමන් උගන්වන පන්තිවල නරක වාතාවරණයක් ගොඩනගා ඇති බව නිරීක්ෂණය කර තිබේ. ජෙනී හුටූවරුන් පිළිකුල් කරන ලෙස තම සිසුන්ට උගන්වයි. එම මානසිකත්වය මුළු දවසර ගත කරන සිසුන්ගේ මනස විකෘති වේ. ඒ නිසාම ජෙනී නමැති කාන්තාවට අපි මේ මගින් අනතරු අඟවමු. එසේම ධෛර්යමත් ජනතාවගෙන්ද ඉල්ලා සිටින්නේ ඇයට අනතුරු අඟවන ලෙසයිග ඇය සමාජයේ ආරක්ෂාවට තර්ජනයකි”

වෛරී භාෂාව

ක‍්‍රමිකව වර්ධනය වූ ටුට්සි ගෝත‍්‍රිකයින්ට මුල් බැස ගන්වන ලද ස්ථාපිත ආදර්ශ එරෙහි වූ වෛරී ප‍්‍රචාරයට වඩා උත්සන්න කරමින් ඔවුන හැඳින්වීම සඳහා ”කැරපොත්තන්” යන වචනය භාවිතා කරන්නට පටන් ගත්තේය. මුලින් ඉඳහිට භාවිතා වූ එම වචනය දින කිහිපයකින් සාමාන්ය භාවිතාවට ආවේය. ටුට්සි විරෝධී දේශපාලන නායකයන්ගේ කතා නැවත නැවත ප‍්‍රචාරය කළ මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලිය එමගින් පොදුවේ ජන විඥානයට බරපතල බලපෑමක් එල්ල කෙළේය. වෛරී භාෂාව ගුවන් විදුලියේ සාමාන්‍යයයක් බවට පත් විය. විකාශය කරන ලද එක් දේශපාලන කතාවක මෙසේ සඳහන් විය.

”ඔබ විසින් ගෙල කපා නොදමන පුද්ගලයා හෙට ඔබේ ගෙල කපා දමන බව දැන ගන්න”

පුවත්පතක් ද බිහිවෙයි

මේ වන විටිමිල්ලෙ කොලින්ස් ” ගුවන් විදුලියට අමතරවිකන්ගුරා” හෙවත් ”අවදිවව්” නමින් පුවත් පතක් ද මුද්‍රණය කරමින් තිබිණි’ මෙයද මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලියේ මුද්‍රිත පිටපතක් බඳුවිය.

1993 අගෝස්තු වන විට RPF කැරලිකාරී හමුදාවන් ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගෙන සිටියහ. ඒ අනුව එතෙක් තම හිතවතා බවට පත්ව සිටි ප‍්‍රංශයත් ඇමරිකා එක්සත් ජනපදයත් බටහිර රටවලුත් ජනාධිපති හබ්යාරිමානාට බලකර සිටියේ කැරලිකරුවන් සමග සාම ගිවිසුමක් ඇති කර ගන්නා ලෙසය. එම බලපෑමට පිටුපා යෑමට නොහැකි වූ තැන ඔහු රාජ්‍ය බලය බෙදා ගැනීම පදනම් කර ගත් සාම ක‍්‍රියාවලියකට කැමැත්ත පළ කෙළේය. මතුපිටින් ඊට එකඟ බව පෙන්වුවද ඔහු යටින් ක‍්‍රියා කළේ ඊට ප‍්‍රතිවිරුද්ධවය. සාම ක‍්‍රියාවලිය තම දේශපාලන මරණ මංචකය බව ඔහු කල්පනා කෙළේය.

සාම ක‍්‍රියාවලිය ආරම්භ වීමත් සමගම රජයේ ගුවන් විදුලියත් මිල්ලෙ කොලින්ස් නාලිකාවත් කන්ගුරා පුවත් පතත් තරඟයට මෙන් සාම වැඩපිළිවෙළට පහර දීමට පටන් ගත්තෝය.

ටුට්සි ගෝත‍්‍රිකයන් සියළු දෙනාමත් සාම ක‍්‍රියාවලියට පක්ෂපාතිත්වය දැක්වූ හුටූවරුන් සහ මධ්‍යස්ථ මතධාරීන් සියළු දෙනාත් ”රුවන්ඩාවේ ද්‍රෝහීන්” ලෙස හංවඩු ගසමින් ඔවුනට එරෙහි ඉතා දරුණු වෛරී භාෂාමය ප‍්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගත්තෝය.

පුදුමය දනවන පුවතක්

වරක් කන්ගුරා පුවත් පත පුදුම උපදවන සුළු අනාවැකියක් පල කෙළේය. එනම් සාම ගිවිසුම අත්සන් කිරීමෙන් වසරක් යාමට මත්තෙන් ජනාධිපති හබ්යාරිමානා කැරලි කරුවන් අතින් ඝාතනය වනු ඇති බවය. එසේ සිදුවූ කල සෑම දේශපේ‍්‍රමියෙකුගේම වගකීම වන්නේ එයට පළිගැනීම බවත් පළිනොගතහොත් කැරලිකාරීහු අහිංසකයන් මරා දමනු ඇති බවත් ඉන් කියැවිනි.

හිංසනය වැපිරීම

1994 පෙබරවාරියෙහි කන්ගුරා පුවත්පතේ ”අවසාන ප‍්‍රහාරය” යන මැයෙන් පල කරන ලද ලිපියක මෙසේ සඳහන් කර තිබිණි.

” කැරපොත්තන් සිටින්නේ කොහිදැයි අපි දනිමු. ඔවුන් අප සොයන්නේ නම් අපි ඔවුන් හොඳින් බලා ගනිමු”

විශේෂයෙන් ටුට්සි ගෝත‍්‍රික දරුවන් හිංසනයේ ඉලක්ක බවට පත් කරන්නේ මෙවැනි ප‍්‍රකාශවලිනි.

කැරපොත්තන්ට සමනල පැටවුන් ඉපැදවිය නොහැකිය”

තවත් එක් ප‍්‍රකාශයක මෙසේ සඳහන් විය.

”අපි කැරපොත්තන්ට මෙසේ කියමු. ඔවුන් නැවත හිස ඔසවන්නේ නම් තව දුරටත් පඳුරු මත සටන් කිරීමට අවශ්‍යයතාවයක් නැත. අපි අභ්‍යන්තර සතුරන් නසා දැමීම ආරම්භ කරමුග ඔවුන් සදහට නිහඬ කරවනු ඇත”

මහා ජනසංහාරයට මාස 2 කට පෙර කන්ගුරා ප‍්‍රකාශයට පත් කිරීම අවසන් කෙළේ මෙවැනි කතුවැකියක් ලියමිනි.

”කැරපොත්තන් තම ආකල්ප වෙනස් කර ගන්නටත් අහංකාරකම පාලනය කර ගන්නටත් සූදානම් නොවේ නම් බහුතර ජනතාව තරුණ හුටූවරුන්ගෙන් සමන්විත බලකායක් ගොඩනගනු ඇති බව අපි අවධාරණය කරමුග මෙම බලකාය ටුට්සි දරුවන්ගේ ප‍්‍රතිවිරෝධයන් බිඳ දැමීම සඳහා පහර දෙනු ඇත”

සංහාරයට සූදානම

1993 නොවැම්බරයේදී කෙන්යාවේ මොම්බාසා වරාය ඔස්සේ කිගාලි අගනුවර වෙත ආ නැව් බඩු ඇනවුමක චීනයේ සිට ආනයනය කරන ලද ලාබ ගණයේ මන්නා පිහි ඇතුළත් පෙට්ටි 987 ක් තිබිණි. කෘෂිකාර්මික සමාජයක් වූ රුවන්ඩාවට මන්නා පිහි ආනයනය කිරීම අමුත්තක් නොවුනත් මෙම මන්නා පිහි ඇනවුම ලබා ගත් තැනැත්තා වූයේ මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලි නාලිකාවේ ප‍්‍රධාන ප‍්‍රාග්ධන ආයෝජකයෙකි. කිසිවෙකුගේ අවධානයට ලක් නොවී මෙලෙස 1993 ජනවාරියේ සිට 1994 මාර්තු දක්වා කාලය තුළ වරින් වර චීනයෙන් සහ වෙනත් රටවලින් රුවන්ඩාවට ආනයනය කරන ලද මන්නා පිහි ප‍්‍රමාණය ලක්ෂ 5 ක් පමණය. කෙටි ලී මිටක් සහිත අඩි දෙකක් දෙකහමාරක් පමණ වූ තියුණු දිගු තලයක් ඇති මෙම මන්නා පිහි ජන සංහාරයේ ප‍්‍රධාන අවිය විය.

මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලිය ද ටුට්සිවරුන්ට එරෙහි තම ප‍්‍රචාරවලදී ඉතා සූක්ෂම ලෙස ව්‍යංගාර්ථමය වචන සහ වාක්‍ය භාවිත කළේය.

” තම නිවාස අවට ශුද්ධ පවිත‍්‍ර කර ගැනීම ඔබේ යුතු කමකි”

” උස ගස් කපා දමන්න”

ආදී වශයෙන් ඔව්හු ටුට්සිවරුන් ව්‍යයාංගයෙන් ඉලක්ක කරමින් තම ප‍්‍රචාරය නොකඩවා ගෙන ගියහ. ගුවන් විදුලියේ ප‍්‍රචාරය කෙරුණු වාද විවාදවලදී මේ වන විට සාකච්ඡා කෙරුනේ කැරලිකාරයන්ට පක්ෂපාතී වූ ටුට්සිවරුන් ඇතුළු ”ද්‍රෝහීන්‘ හට දඬුවම් දිය හැකි හොඳම ආකාරයන් මොනවාද යන්නයි. තවත් වැඩසටහන් ආකෘතියකට නිරන්තරයෙන් කැඳවන ලද්දේ සමාජයේ ප‍්‍රභූන් යැයි සම්මත උගතුන් සහ විශේෂඥයන් ය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබූවන්ට රුවන්ඩා සමාජයේ ඇති මතවාදීමය ආධිපත්‍ය මෙහිදී මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලිය කදිම ලෙස අපයෝජනය කෙළේය. විශේෂයෙන් ඉතිහාසය පිළිබඳ කතා කරනවුන්ට ඉතා ඉහල ඉල්ලුමක් මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලියේ තිබිණ.

පුපුරායාම

මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද සූදානම් කිරීම අවසානයේ පුපුරවා යන්නේ 1994 අපේ‍්‍රල් 06 වෙනිදා සවස් යාමයේ කිගාලි ගුවන් තොටුපොළ ආසන්නයේදී ජනාධිපති හබ්යාරිමානා සහ බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි හබ්යාරිමානාගේ පුද්ගලික ජෙට් යානය මිසයිල් ප‍්‍රහාරයකට ලක් වීමත් සමග ය. නායකයන් දෙදෙනාගේ අභාවයත් සමගම රුවන්ඩා හමුදාව රාජ්‍යය බලය අත්පත් කර ගන්නේ රුවන්ඩා පාර්ලිමේන්තුව තුළ රාජ්‍යය නායකත්වයට පත්වීමට සුදුසුකම් තිබූ දේශපාලන නායිකාවද ඝාතනය කරමිනි.

ඒ සමගම මංසන්ධි සහ වීදි ආයුධ සන්නද්ධ හමුදා භටයන් රැගත් වාහන වලින් පිරී ගියේ ය. සෑම ප‍්‍රධාන මංසන්ධියකම පාහේ හමුදා මුර පොළවල් පිහිටුවනු ලැබිණි. එම මුරපොළවල්වල හමුදා භටයන්ට අමතරව මන්නා පිහිල ගිනි අවි සහ පොලු ආදිය රැගත් සිවිල් පුද්ගලයන්ද ”ආරක්ෂ සේවා කටයුතුවල‘ යෙදී සිටියහ. සාමාන්ය ජනතාව නිවෙස් තුළට වී සිදුවන්නට යන්නේ කුමක්දැයි තුෂ්නිම්භූතව බලා සිටියහ.

එදින රාත‍්‍රිය මාරායාගේ රාත‍්‍රිය විය. මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලිය අලුත් ජවයකින් සහ නව උද්යෝගයකින් හඬ නගන්නට පටන් ගත්තේ ය. දැන් ඔබේ කාර්ය ඉටු කරන්නග ඔබේ වට පිට ඇති කසළ සුද්ධ කරන්න. උස ගස් කපා දමන්න”

ඒ සමගම මහ මගට ආවේ අලුත්ම දිලිසෙන මන්නා පිහිල පොලු ආදිය රැගත් මැර පිරිස් යග ඔව්හු ටුට්සි ගෝත‍්‍රියන් සොය සොයා මරා දමන්නට පටන් ගත්හ. ටුට්සින් සැඟවී ඇති තැන් ගැන තොරතුරු මැරයන්ට සැපයුවේ මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලිය යි. ජීවිත බේරා ගැනීම සඳහා මර බියෙන් පලා යමින් සිටි පිරිස් රැගත් වාහන හමුදා මුරපොළවලදී නතර කරන ලද අතර හමුදා අණ පරිදි මගීන් බිමට බට ඇසිල්ලෙහි ඔවුන් වෙත කඩා පනින මුර පොල අසල වාඩි ලා ගෙන සිටින මැර පිරිස් මන්නා පිහි වලින් සහ පොලුවලින් පහර දී එම මගීන් ඝාතනය කළහ. පාර දෙපස සහ මුරපොළ අසල මිනී කඳු ගොඩගැසිනිග නිවාස තුළදී ඝාතනය කරන ලද පුද්ගලයන් එම නිවාස තුළටම දමා ගිනි තබන ලද්දේ යග ඝාතනය කරන ලද අය සතු සියළු දේ ඝාතකයෝ කොල්ල කෑහ.

ආරක්ෂාව පතා දේවස්ථාන වෙත ගිය ටුට්සි ගෝත‍්‍රියන්ට පවා පිළිසරණක් නොවීය. ජන සංහාරය මෙහෙයැවූ මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලිය අලුත් උද්යෝග පාඨයක් ලෙස ” මිනී වලවල් තවමත් පිරී නැත” යනුවෙන් නැවත නැවත ප‍්‍රචාරය කෙළේය. මරණයෙන් බෙරීම සඳහා දේශ සීමාවන් වෙත බලා යමින් සිටි ටුට්සි ගෝත‍්‍රික ජනයා ගමන් කළ මංමාවත් පිළිබඳව පමණක් නොව ඔවුන් පලා යමින් සිටින වාහන වල විස්තර පවා ගුවන් විදුලියෙන් වරින් වර ප‍්‍රචාරය කෙරිණි. මෙලෙස 1994 අපේ‍්‍රල් 07 වෙනිදා රාත‍්‍රියෙන් ආරම්භ වී ජුලි 15 වෙනිදා දක්වා වූ කාලය මුළුල්ලෙහි අවම වශයෙන් ගැහැණු පිරිමි වැඩිහිටියන් සහ දරුවන් ලක්ෂ 8 කට නොඅඩු පිරිසක් ඝාතනය කරනු ලද්දේය.

රහස හෙළි වෙයි

මෙහිදී බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වූයේ මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලියේ ප‍්‍රධාන ප‍්‍රාග්ධන කොටස් හිමිකරු වූයේ අන් කවරෙකු හෝ නොව ජනාධිපති හබ්යාරිමානා බවය. සෙසු කොටස් හිමිකරුවන් වූයේ ඔහුගේ සමීපතම පවුලේ ඥාතීන් සහ මිතුරන් වූ දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් සහ බැංකු අධිපතිවරුන් ය.

ගුවන් විදුලියේ සමහර විකාශන කටයුතු සඳහා රජයේ ගුවන් විදුලියේ සම්පත් ද ප‍්‍රයෝජනයට ගෙන තිබූ අතර සමහර දිනවල නිවේදකයන් නිවේදන කටයුතු සිදුකරන ලද්දේ බීමතින් බව පසුව හෙළිදරව් විය. විදුලිය සැපයීම ඇනහිටීමෙන් ගුවන් විදුලි විකාශයට බාධා ඇති වීම වැළැක්වීම සඳහා වූ හදිසි විදුලි සැපයුම පවා සපයා දී තිබුණේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ සිට විකාශනාගාරය දක්වා අදින ලද විදුලි කේබල් මගිනි.

වර්ග සංහාරය පිළිබඳ පසුව කරන ලද අධ්‍යයනයන් ඔස්සේ හෙළිදරව් වූයේ ටුට්සි-හුටූ මිශ‍්‍ර විවාහවලින් බැඳී සිටි හුටූ ගෝත‍්‍රි ස්වාමි පුරුෂයන් සහ භාර්යාවන් ද ඔවුන්ගේ දරුවන් ද අසල්වාසී ටුට්සිවරුන්ට රැකවරණය දුන් හුටූ ගෝත‍්‍රික පවුල් ද ටුට්සින් ඝාතනය කරන්නට යන්නට මැර පිරිස් විසින් කරන ලද කැඳවීම් සහ බල කිරීම් ප‍්‍රතික්ෂේප කළ හුටූවරුන් ද මධ්‍යස්ථ දේශපාලන මතධාරීන් ද රාශියක් ඝාතනයට ලක් වූ බවයි.

ගුවන් විදුලියට චෝදන රුවන්ඩාවේ වර්ග සංහාරය සම්බන්ධව පිහිටුවන ලද ජාත්‍යයන්තර අපරාධ අධිකරණ විසින් මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලියේ සහ කන්ගුරා පුවත්පතේ ප‍්‍රධානීන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වන ලදී. වර්ග සංහාරය, වර්ග සංහාරයට පෙළැඹවීම සහ මානව වාදයට එරෙහි අපරාධ සඳහා ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබිණි. එම නඩු විභාගයෙන් පසු මුලින් නියම කරන ලද දඬුවම්වලට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනා හේතුවෙන් මුල් දඬුවම් අඩු කරන ලද නමුත් 2007 නොවැම්බර් 27 වෙනිදා දුන් අභියාචන තීන්දුව අනුව මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලියේ ප‍්‍රධානීන් වූ ෆර්ඩිනන්ඩ් මහිමානා හට වසර 30 ක් දල ජින් බොස්කෝ හට වසර 32 ක් ද වශයෙන් සිර දඬුවම් නියම කෙරිණි. කන්ගුරා පුවත් පතේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන කර්තෘ හසන් න්ගේස් හට වසර 35 ක සිර දඬුවමක් නියම කෙරිණි. 2009 දෙසැම්බර් 14 වෙනිදා මිල්ලෙ කොලින්ස් නිවේදිකාවක වූ වැලරි බෙමෙරිකි හට වර්ග සංහාරයට පෙළැඹවීමේ චෝදනාව මත ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් හිමි විය.

රුවන්ඩාවේ ජන සංහාරය පිළිබඳව අතිවිශාල තොරතුරු සමුදායක් තිබේ. ඒ සියල්ලෙහි නැවත නැවතත් අවධාරණය කරන්නේ එම ජන සංහාරයට මිල්ලෙ කොලින්ස් ගුවන් විදුලිය සැපයූ දායකත්වයයි. එය ජනමාධ්‍ය ඉතිහාසයෙහි කිසිදා මකා දැමිය නොහැකි අඳුරුතම පරිච්ඡේදයකි. ජනඝාතක ආණ්ඩුවක් සමග ජනමාධ්‍ය එක්ව දඩයමේ ගිය බවට වූ ජීවමාන සාක්කියකි.

පසු සටහන- මෙම ලිපිය සඳහා රුවන්ඩාවේ වර්ග සංහාරය පිළිබඳව වූ අන්තර්ජාල තොරතුරුවලට අමතරවිහොටෙල් රුවන්ඩා‘ සම්මානනීය චිත්රපටයෙහි ප‍්‍රධාන චරිතයට මූලාශ‍්‍ර වූ පෝල් රුසෙසබගිනා විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදානයි. ‘An Ordinary Man’ කෘතියෙහි සඳහන් කරුණුද ඉවහල් කර ගන්නා ලද බව සලකන්න.

ප‍්‍රවීන ජනමාධ්‍යවේදියෙකු හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙකු වන රවි චන්ද්‍රලාල් මහතා විසින් මීට වසර කිහිපයකට ‘‘ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට’’ සම්පාදනය කරන ලද ලිපියකි. ජාතික හා යුගයේ අවශ්‍යතාව සලකා මෙම ලිපිය අප විසින් ද යළි ප‍්‍රකාශයට පත් කරන ලද බව සලකන්න. ප‍්‍රධාන සංස්කාරක

Recommended For You

About the Author: Editor