පාසල්වල ආරක්ෂාවට ගුවන් හමුදා භට පිරිස් යොදවනවා – ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් නීතිය හා සාමය සුරැකීම සඳහාත් විවිධාකාර මෙහෙයුම් දිවයින පුරා සිදුකරන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගුවන් හමුදාව ගෙන ඇති පියවර පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා, පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සියලූම පාසල් කොට්ඨාශ 21කට වෙන් කොට ඒවායේ සෝදිසි මෙහෙයුම් ආරක්ෂක අංශ විසින් කරනවා. කොළඹ, කටුනායක, රත්මලාන යන ප‍්‍රධාන කොට්ඨාශ තුන සහ පාලවිය කොට්ඨාශයට අයත් උප කොට්ඨාශ පිහිටන පාසල්වල ගුවන් හමුදාව විසින් ඍජුවම මෙහෙයුම් කරනවා.

කොට්ඨාශ අංක 04 කොළඹ පාසල් 19ක් සඳහා 150ක භට පිරිසක් ද, කොට්ඨාශ අංක අංක 08 පාසල් 102ක් සඳහා 460ක භට පිරිසක් ද කොට්ඨාශ අංක 12 කටුනායක පාසල් 129ක් සඳහා 400ක භට පිරිසක් ද යොදවා තිබෙනවා.

සියලූම ගුවන් හමුදා කඳවුරු මගින් තමන්ට අයත් ප‍්‍රදේශයන් හි පාසල්වල සෝදිසි මෙහෙයුම් කරන බව ද ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor