අපි අද ගොදුරුවී සිටින්නේ ගෝලීය ත්‍රස්තවාදයකටයි – අගමැති රනිල් වික්‍රමසිංහ

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන දෙදින පාර්ලිමේන්තු විවාදය

”ගෝලීය ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ලොව සියළුම රටවල් එක්විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ප‍්‍රකාශ කළා.

අගමැතිවරය මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේ ආරම්භවූ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන දෙදින පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින්.

අගමැතිවරයා තම විශේෂ ප‍්‍රකාශය කරමින් මෙසේද සඳහන් කළා. ”අපි අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කල ආකාරයට  පවතින අනතුරු සම්පුර්ණයෙන්ම පහව ගොස් නැහැ. අපි අද ගොදුරුවී සිටින්නේ ගෝලීය ත්‍රස්තවාදයකට. මේ සඳහා ලංකාව තුල එයට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්තත් වෙනත් අයුරකින් එයට සම්බන්ධ අය මෙයට අතපෙවීමට ඉඩ තිබෙනවා. මේ හේතුව වෙනුවෙන් විදෙස් රටවල බුද්ධි අංශ සහ තාක්ෂණය ලබා ගැනීම සිදුකළ යුතුයි. ඇතැම් අය අදහස් කරනවා විදෙස් රටවල සහය ගන්න එක විදෙස් හමුදා රට තුලට ගෙන එන්න හදනවා කියලා. ඇතැම් අය මේ හරහා දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්නවා. බිඳ වැටුණු ජන ජීවිතය යලි ක්‍රමක් ක්‍රමයෙන් ගොඩනගන්න කටයුතු කරනවා. පසුගිය සතියේදී ඇතැම් කතෝලික පල්ලිවල දේව මෙහෙයන් පවත්වනු ලැබුවා වගේම මුස්ලිම් දේවස්ථාන වල මෙහෙයන් පැවැත්වීමට ත්‍රිව්ධ හමුදාව සහ පොලිසිය කටයුතු කර තිබුණා”

පාස්කු ඉරිදා ජීවිත බේරාගත හැකිව තිබූ මගක් ගැන ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කරයි

සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා විවාදයට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ, පසුගියදා සිය මාධ්‍ය ඒකකයේ නිලධාරීන් කිහිප දෙනෙක් විසින් මහනුවර ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලාට තැපැල් කිරීමට ගිය ලිපියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාලව දක්වන උනන්දුව ඉකුත් අප්‍රේල් මස 04 වෙනිදා ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමු කළා නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ජිවිත ගණනාවක් බේරා ගැනීමට හැකිවී තිබු බවයි. එමෙන්ම වෙබ් අඩවියක ඉංග්‍රීසියෙන් පලවී තිබු පුවතක කොටස් කිහිපයක සිංහල පරිවර්තනය සාදා තැපැල් යැවු බවත් එහි කිසිදු රාජ්‍ය විරෝධී හෝ ජාතිවාදී අදහස් අන්තර්ගත නොවූ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර සිටියා.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සකස් කරන ලද වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන බවට දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මෙහිදී ප්‍රකාශ කර සිටියා.

රටේ සිදුවූ ව්‍යවසනය සම්බන්ධයෙන් රජය වගකිව යුතුයි – එස්.එම්.චන්ද්‍රසේන

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බලපෑමකට ලක්ව සිටින සංචාරක කර්මාන්තය යලි නගා සිටුවිමට රජය අවශ්‍ය පියවර ගත යුතු බව රටේ සිදුවූ ව්‍යවසනය සම්බන්ධයෙන් රජය වගකිවයුතු බව සදහන් කළා.  සංචාරක හෝටල්, ඒ ආශ්‍රිත උපකාරක සේවාවන් පවත්වාගෙන යන සියලු පුද්ගලයින් දැඩි අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බව සදහන් කර සිටියා. ඒ හේතුවෙන් එම සංචාරක හෝටල් හා උපකාරක සේවාවන් පවත්වාගෙන යන පුද්ගලයින්ට වසරක් ගතවන තුරු බැංකු ණය සහ පොලි වාරික අත්හිටුවීමට රජය පියවර ගත යුතු බව එස්.එම්.චන්ද්‍රසේන සදහන් කළා.

විවාදය සදහා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා සහභාගිවිය යුතුයි – අනුර කුමාර දිසානායක

මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විමසා සිටියේ පාර්ලිමේන්තුව තුල රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්වනු ලබන විවාදය සදහා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා සහභාගිවිය යුතු බවයි. මන්ත්‍රිවරුන්ට මේ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදීමට ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා සිටිය යුතු බවයි මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.

බුද්ධි අංශ නිලධාරීන් 10,000ක් පමණ සිටින බවත් ඉන් බන්ධනාගාර ගතව සිටින්නේ ඉන් 10 දෙනෙක් පමණයි – අකිල විරාජ් කාරියවසම්

රටේ බුද්ධි අංශ නිලධාරීන් 10,000ක් පමණ සිටින බවත් ඉන් බන්ධනාගාර ගතව සිටින්නේ ඉන් 10 දෙනෙක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. එලෙස බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් මනුෂ්‍ය ඝාතන හා කප්පම් ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සිටියේ. බුද්ධි අංශ ශක්තිමත්ව සිටි සමයේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ලවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Recommended For You

About the Author: Editor