ආණ්ඩුව ප‍්‍රකාශවලට ජනතාවගේ කිසිම පිළිගැනීමක් නෑ – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

වත්මන් ආණ්ඩුව මියගිය ආණ්ඩුවක් බවත් ආණ්ඩුව ප‍්‍රකාශවලට ජනතාවගේ කිසිම පිළිගැනීමක් නැති බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද (7) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් මේ බව ප‍්‍රකාශ කළා.

මෙහිදී රටේ සහ ආණ්ඩුවේ වත්මන් ත්තත්වය පැහැදිලි කළ ශ‍්‍රීලපොපෙ මන්ත‍්‍රීවරුන් මෙසේද සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන

පූර්ණ ආරක්ෂාවක් ඇතිව පාසල් යන්න පුළුවන් නිසා පාසල් පසුගිය 6 වැනිදා පාසල් ආරම්භ කරන බව කියපු අධ්‍යාපන අමාත්‍යංශය ඊට පස්සේ 6 වසර සිට 12 වසර දක්වා පාසල් ආරම්භ කරන බව. ඒ අතරේ අධ්‍යාපන ඇමැති කියනවා සුරක්ෂා රක්ෂණය තියෙනවා පාසල් යන්නලූ. මේ පණිවිඩයෙන් පස්සේ මුළු ලංකාවෙම පාසල් පැමිණීමේ ප‍්‍රතිශතය 4%ක් විතර වුණා.

මෙයින් පෙන්නේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් මේ රටේ ජනතාවට නැති බවයි. රුපියල් ලක්ෂයක සුරක්ෂණය දෙන නිසා දෙමව්පියන්ට දරුවෝ පාසල් යවන්න කිව්වට දෙමව්පියෝ පරික්ෂණවලට දරුවෝ යවන්නේ නැති බව ඇමැතිතුමා දැන ගන්න ඕනේ. මේ ආණ්ඩුවේ තියනෙ නොහැකියාව වගේම ආරක්ෂාව ගැන ජනතාව සෑහිමකට පත් වෙන්නේ නැහැ. පාසල් ආරම්භ කරන්න ඕනේ ආරක්ෂාව තහවුරු කරලයි. පාසල අවට ඉන්න දරුවෝවත් පාසලට එවන්නේ නැතිව වාහනවලින් දරුවෝ එවයිද ? ආරක්ෂාව සහතික කරලා ජන ජිවිතය නැවත නගා සිටුවන්න අවශ්‍යයි.

විපක්ෂයක් විදියට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ලබාදුන්නා. විපක්ෂ නායකතුමාත් හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් ගෙන්වලා ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දුන්නා. විපක්ෂයක් විදියට අපි අපේ සහයෝගය දෙමින් සිටිනවා.

පහුගිය දින කිහිපයේ ආන්ඩුවේ ඇමැතිවරුන්ගේ කතාවලින් පේන්නේ රාජපක්ෂ භීතිකාව නැවත ඇතිවෙලා කියලයි. එක පැත්තකින් 2015ට කළින් මේ ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තිබුණලූ. හිටපු ඇමැතිවරයෙක් කියනවා බැසිල් රාජපක්ෂ මහතා රිෂාඩි බදියුදීන් ගොඩනැගුවා කියලා. මේක ඉතාම කණගාටුදායකයි. 2017, 2018 දීත් තුර්කි තානාපතිවරයා දෙසැරයක් ආරක්ෂක අමාත්‍යංශයට ලිපි යවලා කියනවා තුර්කියේ ත‍්‍රස්තවාදී සංවිධායනයක සාමාජිකයින් පනස්දෙනෙක්ගේ පැමිණීම සම්බන්ධයෙන්. මොවුන් අත්අඩංගුවට අරන් භාරදෙන්න කියලත් ඉල්ලා තිබෙනවා. එතුමාගේ ලිපියට පිළිතුරු නැති නිසා ආරක්ෂක අමාත්‍යංශයට ගිහින් එවකට ආරක්ෂක ලේකම් හමුවෙලා මම එවලූ ලිපියට පිළිතුරු නැත්තේ ඇයි කියලා විමසීමක් කරපුවාම එය ආරක්ෂක මණ්ඩලයට යවලා පියවර ගන්න බවයි කියලා තියෙන්නේ. නැවත වරක් විමසීමක් කළාම ආරක්ෂක මණ්ඩලයට දැම්මත් මුස්ලිම් දේශපාලනඥයින් දෙදෙනෙක්ගේ බලපෑම් නිසා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න බැරි වුණ බව සදහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තුර්කි තානාපතිවරයා සඳහන් කරනවා. මොවුන් ඉස්ලාම් රැුඩිකල්වාදය පතුරන පිරිස්. පාස්පෝට් අංක පවා දුන්නත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ වෙන්නේත් නැහැ. කිසිවෙක් අත් අංඩගුවට ගත්තේ නැහැ කියලා තුර්කි තානාපති සඳහන් කරනවා. අපේ ආණ්ඩුවක් තිබුණා නම් මේ වෙද්දි මොවුන් අත්අඩංගුවට පත්වෙලා. ඇමැතිවරුන් බුද්ධි අංශය නැති කළේ නැහැ කියලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වාට, බුද්ධි අංශයේ ශම්මි කරුණාරත්නලා හිරේ දැම්මාට පස්සේ, මාරු කළාට පස්සේ, ගිරිතලේ සම්පූර්ණයෙන්ම වහලා දැම්මාට පස්සේ බුද්ධි අංශයේ හයයි හිරේ ඉන්නේ, අනෙක් අයට අපි හානි කරලා නැහැ කිව්වාට වැඩක් නැහැ. ඒ මාරුකරපු අය දැන් කැදවන්න.

වසන්ත සේනානයක මහතා හෙළිකරපු මේ කාරණයත් එක්ක පැහැදිලි වෙන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැති බවයි. රටවල් 180ක අන්තවාදී විදියට ඉස්ලාම් ධර්මය පතුරුවන මේ සංවිධානය රටවල් 22ක තහනම් කරලා තිබියදීත් ආන්ඩුව කිසිදු ප‍්‍රකාශයක් කළේ නැහැ. තුර්කි තානාපති දේශපාලනඥයින් දෙදෙනෙක් ගැන සඳහන් කළත් මේ වන තෙක් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරලා ප‍්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. හැබැයි පියල් නිශාන්ත මන්තී‍්‍රවරයාගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පැය 5ක් ප‍්‍රශ්න කරනවා. ප‍්‍රධාන සැකකරුවන් විදියට මිනිස්සු සැකකරන මේ දෙපලගෙන් තවම කිසිදු ප‍්‍රශ්න කිරිමක් නැහැ.

දැන් මේ ආණ්ඩුව මියගිය ආණඩුවක් – පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා

විපක්ෂයත් දුර්වලයි කියලා පහුගිය කාලයේ කිව්වා. ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේන් ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ බලය ලබා දීලා තියෙන්නේ විධායකයටයි. ව්‍යවස්ථාදායකයේ ආන්ඩු පක්ෂය හා විපක්ෂය සිටිනවා. විපක්ෂයේ අපි කරන්නේ විපක්ෂයේ කාර්යභාරයයි. වගකීම් සහිත විපක්ෂයක්විදියට අපි කටයුතු කළා. වෙන විපක්ෂයක් තිබුණා නම් මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න කටයුතු කරනවා. අපි අදත් විපක්ෂයේ කාර්යභාරය ඉට ුකළා. 2015දි අපි භාරදුන්නේ දකුණු ආසියාවේ සුරක්ෂිතම රටයි. ඒ වෙලාවේ යම් යම් ආරක්ෂක විධිවිදාන කි‍්‍රයාත්මක වුණා. මර්මස්ථාන ආරක්ෂා කළා. එවකට ජෝන් අමරතුංග ඇමැතිවරයා ජනාධිපති මාවතේ තිබුණු මාර්ග බාධකය විවෘත කළේ ඒකට පයින් ගහලයි.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුමක් තිබුණා නම් ආණ්ඩුවක් මාරුවුණා කියලා ඒ විදියට රටේ ආරක්ෂාව හැල්ලූ කරන්නේ නැහැ. තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කියලා ඕනම කෙනෙක්ට ඕන දෙයක් කියන්න කරන්න ඇරලා රාජපක්ෂවරුන්ට නඩුදාන එක ගැන විතරයි බැලූවේ. අදත් ඒක පටන් අරන් තියෙන්නේ. මොන දේ වුණත් වගකියන්න ඕනේ රාජපක්ෂවරයෙක් තමයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආන්ඩුව රටේ තිබුණූ දරුණූම ත‍්‍රස්තවාදය පරාජය කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙනාවා. ඒ නිසා අලූත් ආණ්ඩුවක් බලයට එන්න මාර්ගය හැදුනා. ජනතාවට අලූත් ජිවිතයක් ලබා දුන්නා. ඒ සියලූ දේ අමතක කරලා මුව හමට තඩිබෑමේ කාර්යය කිරීම නිසා රටම අනාරක්ෂිත කරලා.

විපක්ෂයට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නැහැ. ව්‍යවස්ථාවෙන් රටේ ආරක්ෂාව දීලා තියෙන්නේ විධායකයටයි. රට අනාරක්ෂිතවිම වැලැක්වීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. රටේ බුද්ධී අංශවලට කරපු අපරාධය ගැන පාර්ලිමේන්තුවේදී නිරන්තරයෙන් කතා කළා. අදටත් රිමාන්ඞ් කරපු අයට මහාධිකරණයේ නඩු පවරන්න චෝදනාවක් ගොනු කරගන්න බැරිවුනා. සිද්ධ වුනු එකම දේ අපිට තොරතුරු ලැබෙන මාර්ග අවහිරවීමයි.

දැන් මේ ආණ්ඩුව මියගිය ආණඩුවක්. වෙනදා ආණ්ඩුවෙන් පණිවිඩයක් දෙනකොට මහජනතාව ඇහුම්කන් දෙනවා. දැන් පාසලකට ළමයි එවන්නේවත් නැහැ. ඇයි ඒ ? මේ රජය ගැන විශ්වාසයක් නැති එක. මහජනයා විශ්වාස කරන්නේ නැහැ කියන්නේ මේ ආණඩුව මිය ගිහින්. අවසන් හුස්ම හෙළමින් සිටින්නේ. අනලස්ව වැඩ කරපු රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය බිංදුවට වැටිලා. එෆ්. සී. අයි ගෙන්වලා දක්ෂ නිලධාරීන් බංකුවල තියලා වාඩිකරලා ප‍්‍රශ්න කරනවා. පොලිසියටත් වුනා. වැඩක් කරලා ප‍්‍රශ්න දා ගන්නවාට වැඩිය වැඩ නොකර ඉන්න එක හොදයි.

ආණ්ඩුවේ ප‍්‍රකාශවලට කිසිම පිළිගැනීමක් නැහැ- පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. චන්ද්‍රසේන

අධ්‍යාපන ඇමැතියවරයාගේ දැනුම් දීම මත පාසල් ඇරඹුණා. ඇමැතිවරයාගේ ඉල්ලීමට ලැබුණු ප‍්‍රතිචාරය සිසුන්ගේ පැමිණීමෙන් පේනවා. අධ්‍යාපන ඇමැති කෙනෙක් වුණාම ප‍්‍රායෝගික දැනුමක්වත් තියෙන්න ඕනේ. සිසුන් රක්ෂණය කරලා නිසා බය නැතිව පාසල් යවන්නලූ. ඒ කතාවෙන් පැහැදිලි වෙන්නේ දරුවෝ බිල්ලට දිලා රක්ෂණය විදියට දෙන රුපියල් ලක්ෂ දෙකක විතර මුදල ගන්න කියන එකයි. මේ කතාවෙන් පස්සේ දෙමව්පියෝ තවත් බය වුණා. රක්ෂණය ගැන මතක් වුනේ බැ?රුම් තත්ත්වයක් තියෙන නිසා කියලා තේරුම් ගත්ත දෙමව්පියෝ දරුවෝ පාසලට එව්වේ නැහැ.

ආණ්ඩුවේ ප‍්‍රකාශවලට කිසිම පිළිගැනීමක් නැහැ. මේ තත්ත්වය ගැන ඇමැතිවරයා සඳහන් කළේ ළමයි නැති වුණාට ගුරුවරුන්ගේ පැමැණීම හොඳයිලූ. ගුරුවරු එන්නේ උගන්වන්නනේ. ළමයි තමයි ඉගෙන ගන්න එන්නේ. දැන් ගුරුවරුන්ටත් ඉගෙන ගන්න වෙලා. මේ විදියට බොලද විදියට ඇමැතිවරු තවදුරටත් කටයුතු කරන්න එපා.ජනතාවට බය වෙන්නේ නැතිව රුකියාවට යන්න. දරුවෝ පාසල් යවන්න කිව්වාට අපි දැක්කා මාධ්‍යයේ පලවෙනවා මේ දවස්වල ඇමැතිවරු බය වෙලා අමාත්‍යංශවලට එන්නේ නැති බව. අවුරුදු තිහක ත‍්‍රස්තවාදයක් තියෙන කාලෙය් මහජන නියෝජිතයෝ විදියට අමාත්‍යංශවලට ගියා, උතුරු නැගෙනහිරට ගියා. බෝම්බ, පැති බෝම්බ තුවක්කු , බිම් බෝම්බ හැමදේම තිබුණා. මැතිවරණ ටිකත් හරියට පැවැත්වුවා. මේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය තමයි සියලූ දෙයින් පේන්නේ.

Recommended For You

About the Author: Editor