ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින විදේශ සරණාගතයින් කඩිනමින් වෙනත් රටවලට

ශ‍්‍රී ලංකාවේ පවතින වාතාවරණය හමුවේ මෙරට රැඳී සිටින විදේශ සරණාගතයින් කඩිනමින් වෙනත් රටවල් වෙත පිටත් කර හැරීම සඳහා වැඩපිළිවෙළක් මේ වන විට සකස් කරමින් තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය පවසයි.

නිත්‍ය නියෝජිතවරිය මේ බව ප‍්‍රකාශ කළේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයන් සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ය.

ලෝකයේ විවිධ රටවලින් පැමිණි සරණාගතයන් විශාල පිරිසක් මේ වන විට මෙරට රැදී සිටින අතර, ශ‍්‍රී ලංකාව තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් ඔවුන් කඩිනම් වෙනත් රටවලට යැවීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ජනපතිවරයා මෙහිදී තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

Recommended For You

About the Author: Editor