උසස් අධ්‍යාපනය ලබන බංග්ලාදේශ භික්ෂූන් 192ක් CID අධීක්ෂණයට

ශ‍්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින විදේශීය භික්ෂූන් වහන්සේලාගේ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID මගින් දැඩිව අධීක්ෂණය කිරීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මේ වන විට ලංකාව තුළ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින විදේශීය භික්ෂූන් වහන්සේලා 788 නමක් පමණ සිටින බවත් උන්වහන්සේලාගෙන් 192 දෙනකු බංගලිදේශ ජාතික භික්ෂූන් වහන්සේලා බවත් කීවේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් පසුව රට තුළ උද්ගතව තිබෙන වාතාවරණය හමුවේ මෙම භික්ෂූන් වහන්සේලා, විශේෂයෙන් බංග්ලාදේශ ජාතික භික්ෂූන් වහන්සේලා පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසත්, උන් වහන්සේලාගේ කටයුතු අධීක්ෂණය කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

ඉදිරියේ දී මෙරට අධ්‍යාපනය හැදෑරීම සඳහා ඉල්ලූම් කරන විදේශීය භික්ෂූන් වහන්සේලාට වීසා ලබා දීමේදී දැඩි පරීක්ෂාවක් සිදුකරන බව ද ඇමැති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor