
මැයි 30 වැනිදා එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා මේ වන විට එංගලන්තයට ගොස් සිටින ශ්රී ලංකා කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග පිළිබඳ විස්තර ශ්රී ලංකා ක්රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මැයි 16 වැනිදා ශ්රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තයට පැමිණෙනු ඇති අතර මැයි 18 වැනි සෙනසුරාදා ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී සමග ප්රථම පුහුණු තරගය පැවැත්වෙනවා. දෙවැනි පුහුණු තරගය පැවැත්වෙන්නේ මැයි මස 21 වැනි අඟහරුවාදා. ඒත් එඩින්බරෝහිදීමයි.
මෙම පුහුණු තරග ද්විත්වයෙන් පසු මැයි 22 බදාදා ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙනවා.