සංචාරක ව්‍යාපාරයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලූවක් තිබෙනවා – ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති

සංචාරක කර්මාන්තය හදිසියේ පත් වූ කඩාවැටීම නිසා තම සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සඳහා හෝටල්කරුවන්ට කිසිදු අදහසක් නැති බවත් එහෙත් ඔවුන් මේ වන විටත් විශාල මුදල් ගැටලුවලට මුහුණ දී සිටින බැවින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිත බව පිළිබඳ ගැටලුවක් ඇතිවී ඇති බවත් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති (THASL) සනත් උක්වත්තේ මහතා පවසයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාර හේතුවෙන් සංචාරක කර්මාත්ය මුහුණ පා සිටින ගැටලූ සහ ඒවාට විසඳුම් ලබා ගත හැකි ආකාරය පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී උක්වත්ත මහතා මේ බව ප‍්‍රකාශ කළේ. ඒ මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

එපමණක් නොවේ කර්මාන්තයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ණය ගෙවීම සඳහා වසර දෙකක කාලයක් හා පොලී සහන ලබාගැනීම ඇතුළු රජය වෙතින් සහන අපේක්ෂා කරනවා. සංචාරක කර්මාන්තයට ඇතිවී තිබෙන පසුබෑම හේතුවෙන් මිලියන 05ක පමණ ජනතාවක් අපහසුතාවට පත්ව සිටිනවා යැයි ද සනත් උක්වත්තේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා සංචාරකයන්ගේ සංගමයේ (SALITO) සභාපති හැරී පෙරේරා මහතා – ”පසුගිය සතියේ අපි හෝටල් ආරක්ෂක කාර්ය මණ්ඩලය පුහුණු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට දේශීය හා විදේශීය ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් හමුවුණා. ඒ අනුව හෝටල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිගුකාලීන පියවර රැසක් අනුගමනය කිරීම හා ආරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම සහ ආරක්ෂක තර්ජන සඳහා මුහුණ දිය හැකි පරිදි තොරතුරු සහ දැනුම, පුහුණුවීම් යාවත්කාලීනව පවත්වා ගෙන යෑමට පියවර රැසක් අනුගමනය කිරීමට තිරණය කර තිබෙනවා”

මෙහිදී අදහස් දැක්වූ සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා – ශ්‍රී ලංකාව නැවතත් වඩාත් ප්‍රියජනක සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට සඳහා කෙටි කාලීන මෙන්ම දිගුකාලීන පියවර රැසක් අනුගමනය කරමින් සිටිනවා. පල්ලිවලට පාස්කු ඉරිදා පහරදීම් සහ තරු පහේ හෝටල්වල සිදු වූ පිපිරීම් සංචාරකයන්ගේ පැමිණීම මේ වන විට 60% සිට 70% දක්වා පහත වැටී තිබෙනවා” යැයි ද පැවසීය.

ගෙවුණු සති දෙකේ ප්‍රධාන සිද්ධීන් කිසිවක් වාර්තා නොවීම මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක හමුදාවන්ගේ සේවය ප්‍රශංසනීයව අගය කළ ගෝමස් මහතා මේ අන්දමින් ආරක්ෂක තත්ත්වය ස්ථාවර හා ජාත්‍යන්තරව පිළිගත හැකි මට්ටමකට පත් කළ හැකිවේ නම් බිඳ වැටුණු කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාස 13ක් හෝ ඊට පෙර හැකි වනු ඇතැයි ද බව ද කීය.

‘ඔව්, ආරක්ෂාව මූලිකම කරුණයි. එය යථාතත්ත්වයට පත්වේයැයි, මෙන්ම නැවත මෙවැනි සිදුවීම් සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තත්ත්වය හොඳ අතට හැරී ඇති බවටත්, සංචාරකයන්ට ආපසු ශ්‍රී ලංකාවට යා හැකි බවත් ලෝකයට පැවැසීමට හැකි වන්නේ එවිටයි. ගෝමස් මහතා වැඩි දුරටත් පැවැසීය.

‘ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාමය සුරක්ෂිත හා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස නැවතත් ස්ථාපිත කිරීම සඳහා තමන්ස ම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, නැවතත් පෙර තත්ත්වයට පත්වීමට හැකිවේයැයි විශ්වාස කරනවා’ යනුවෙන් ද ගොමස් මහතා කීය.

Recommended For You

About the Author: Editor