සංස්කෘතියේ නාමයෙන් නෙඇසෙන ‘සහරාවේ කැකුලියන්ගේ’ විලාපය

මිනිසාට අයිතීන් අවශ්‍ය වන්නේ ජීවිතය සඳහාම පමණක් නොවේ. ගරුත්වයෙන් යුතු ජීවිතයක් සඳහාමය.

”මෙලොව බිහිවූ සෑම මනුෂ්‍යයෙකුටම ගෞරවාන්විතව එමෙන්ම නිදහසේ ජීවත් වන්නට සම්පූර්ණ අයිතියක් ඇත. ඔවුන් සිය හෘද සාක්‍ෂියට එක`ගව එකිනෙකාට සහෝදරත්වයෙන් ක‍්‍රියාකළ යුතුව ඇත” යන පදනම මතින් වූ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය අද වනවිට මානව හර පද්ධතියේ පදනම බවට පත්ව ඇත්තේ එකී මානව අයිතිය පොදු මනුෂ්‍යත්වය මතින් බිහිවූ නිසාවෙනි.

එහිදී ලොව නැගෙනහිර මෙන්ම බටහිර පූර්ව නූතන සමාජයන්හි දැඩි සමාජ තේරාවලීන් හා මිනිස් සංස්කෘතියේ නාමයෙන් නීතියටත් අභියෝග කරන සහරාවේ ඛේදවාචකය ඉතා නොදියුණු වාතාවරණයක් තුළ කාන්තාරයේ ගල්පොත්තක් මත හෝ ඒ වෙනුවෙන් අටවන ලද පැළක මෙම ශල්‍යකර්මය අහිකුණ්ඨික ගැහැණියක, ගමේ සාමාන්‍ය හෝ වින්නඹු ස්ත‍්‍රියක විසින් අතට අසුවන බ්ලේඞ් තලයක්, පිහියක්, කතුරක්, බිදුණු වීදුරු කටු කැබැල්ලක්, උල් කරන ලද ගස් කෝටුවක් හෝ තියුණු ගල් කැබැලැලක් භාවිතයෙන් හෝ දත්වලින් විකීම මගින් කිසිම නිර්වින්දනයකින් තොරව සිදු වෙයි.

වර්ගීකරණයන් මතින් මතුවූ සංස්කෘතික අයිතිය පිළිබඳ කතිකාවත, පොදු මනුෂ්‍යත්වයට එල්ල කරන ලද අභියෝගය මත අද වනවිට කණ්ඩායම්ගත මිනිසුන්ගේ විශේෂ සමාජ තත්ත්වය තුළින් උපදින අයිතීන්ද මානව හිමිකම් සම්බන්ධ කතිකාවත තුළ මූලික නිර්ණායකයන් ලෙස අවධාරණය කෙරෙන සාධාරණත්වය හා සෑම මිනිසෙකුටම අදාළ වීම යන පොදු මනුෂ්‍යත්වයට සමාන්තරව පරස්පරව ඌණපූර්ණව මෙන්ම සාපේක්‍ෂව මානව හිමිකමක් බවට පත්ව ඇත.

පවුල, දරුවන්ගේ භාරකාරත්වය, දේපළ යනාදී කාරණා මතින් පමණක් නොව ස්ත‍්‍රී පුරුෂ අසමානතාවය හා ලිංගිකත්වය අරබයාද සමස්ත මානව සන්දර්භය ඔවුන් වාසය කරන මහද්වීප මතම වූ විවිධ රාජ්‍ය සීමා නිර්ණය කරගත් වෙන්වූ මිනිස් සමූහයක් බවට අරුත්ගැන්වීමට තරම් එකී හිමිකම පළිහක් නොවනු පිණිස ආගමික හා සංස්කෘතික උරුමය මතින් බිහිවූ මානව හිමිකම් ප‍්‍රවේශය මෙන්ම ඒහා බැඳී පවතින නීතිය තුළ විය යුතු අවම සදාචාරාත්මකබවද මතින් විශ්වීය ධර්මතා ලෙස ශිෂ්ට ජාතීන් පිළිගත් පුරාණ පරිචයන්, ජාත්‍යන්තර චාරිත‍්‍රමය නීතිය සහ අනුලංගනීය නීතිය ලෙස සුරක්‍ෂිත කර ඇත්තේ ඒ නිසාමය.

එමෙන්ම අන්තර්ජාතික සිවිල් හා දේශපාලන මෙන්ම ආර්ථික සමාජ හා සංස්කෘතික අයීතීන් පිළිබඳ සම්මුතීන් හරහා අදහස් ප‍්‍රකාශනය, ආගමික විශ්වාස හා ඇදහිලි මෙන්ම සමාගමයට හා අධ්‍යාපනයට හිමිවූ
අයිතීන් මතින් සුරක්‍ෂිත කරන ලද සංස්කෘතික අයිතිය, වර්ග ඝාතන සම්මුතිය හරහා යම් ජාතික වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ලෙසින් හෝ විනාශ කිරීමේ චේතනාව මතින්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස අන්තර්ජාතිකව පිළිගැනීමද තුළ සංස්කෘතික හා කණ්ඩායමිගත අයිතීන්ට නීතිය තුළ පිරිනමන ලද සුවිශේෂි ඉඩ ඉතා පැහැදිලිය.

එතුළ සැබවින්ම යථාර්ථයක් වන්නේ සමාන සමාජ කණ්ඩයමකින් සපුරා වෙනස්වූ වෙනත් යම් සමාජ කණ්ඩායමක භෞතිකමය හා ආධ්‍යාත්මීය ක‍්‍රියාකාරකම් හා ඉන් උත්පාදිතයන්ගේ සමස්ත එකතුවක් ලෙස සංස්කෘතිය යන්නට හිමිවන සරලම නිර්වචනය මතින් අරුත් ගැන්වෙන, එක් සංස්කෘතියක් මතට තවත් සංස්කෘතියක් බලෙන් පැටවීමේ නොහැකියාව මෙන්ම අතිශය කලාත්මකවූද ඓතිහාසිකවූද සංස්කෘතික වටිනාකම් මතින් තම අනන්‍යතාවය, සම්ප‍්‍රදාය, භාෂාව හා සංස්කෘතික උරුමය රැුකගැනීම සඳහා මිනිස් ප‍්‍රජාව වෙත පිරිනමන ලද සුවිශේෂ වරප‍්‍රසාදයයි.

සංස්කෘතියක් සහ සම්ප‍්‍රදායක්, ජාතියක සාරයක් සහ සාපේක්‍ෂක වුවකි. එකී හර පද්ධතිය ගොඩනැගෙන්නේ එහි වෙසෙන ජනතාවගේ අවශ්‍යතා මත වුවද එය සපුරා නිවැරදි අරුත් දැක්වීමක් නොවන්නේ මනුෂ්‍ය සමාජයක අවශ්‍යතා සංකීර්ණ මෙන්ම නිරන්තරයෙන් වෙනස්කම්වලට භාජනය වන හෙයිනි. එමෙන්ම එය යල්පැන ගිය හණමිටි පරිචයන්
පසෙක දමා කුලගොත් සීමා බිඳ මිනිස් සහෝදරත්වයට දෑත් දිගු කිරීමේ අයිතියට පදනම් විරහිතව බාධා කිරීම නිසාවෙනි.

මානව ගරුත්වය කෙළසීම

මානව ගරුත්වය, සුරක්‍ෂිත කිරීම සහ සම්පූර්ණ කිරීම පරම බැඳීම බවට පත්වූ නූතන රාජ්‍යය යාන්ත‍්‍රණය තුළ කිසි ලෙසකවත් අපේක්‍ෂා නොකරන එකී කටුක යථාර්තය, මිනිසාගේ සංස්කෘතික අයිතිය තව දුරටත් ප‍්‍රශ්න කිරීමෙන් තොර දිව්‍ය භාෂිතයක් ලෙස නීතිමය පිළිගැනීමකට ලක්කළ යුතුද යන උභතෝකෝටිය මතුකරමින් සෑම සංස්කෘතික කණ්ඩායමකටම සිය විශේෂිත සංස්කෘතික ලක්‍ෂණ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට වන අයිතිය ප‍්‍රශ්න ගත කර ඇත්තේ එහෙයිනි.

එය හුදු බටහිර වටිනාකම්වලට අනුගතවීමෙන් ආසියානු හා අප‍්‍රිකානු වටිනාකම් අවතක්සේරු කිරීම යන විශ්වීයකරණය හා සංස්කෘතික සාපේක්‍ෂකභාවය මත දෝලනය වන මානව හිිමිකම් පිළිබඳ විවාදයේ මූලික තුරුම්පුව මත බහුවිධ සමාජ ක‍්‍රමයක් තුළවන ප‍්‍රමුඛ සංස්කෘතියක් ජාතික සංස්කෘතියක් ලෙස දක්වා එහිම වෙනත් අවශේෂ පිිරිසකගේ අනන්‍යතාවය යටපත් කිරීමක් හෝ ප‍්‍රතික්‍ෂේප වීමක් නොවේ. සැබවින්ම එය ඓතිහාසිකව මුල්බැසගත්, අනාදිමත් කාලයක් පුරා වෙනස්කම්වලට ලක්වූ යම් සංස්කෘතියක් එයටම ආෙවිණික වූ වටිනාකම් හා සලකුණු පද්ධතියක් මත කේන්ද්‍ර ගත වුව ද එහි සාපේක්‍ෂකභාවය විශ්වීයකරණය මත පමණක්ම ප‍්‍රශ්නගත කිරීමකි.

ප‍්‍රජනන කාර්යය හා මිත්‍යාව

කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම, ළමා අයිතිවාසිකමි, සියලූ ජාතීන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කමි තුරන් කිරීම සඳහා වූ සම්මුතීන් සහ කලාපීය වශයෙන් බලපවත්වන අප‍්‍රිකානු ප‍්‍රඥප්තියේ 17 වගන්තිය ප‍්‍රකාරව මානව හිමිකම් සුරක්‍ෂිත කිරීමේ කොටසක් ලෙස අවධාරණය කළ යුතු මිනිසුන්ගේ සංස්කෘතික අයිතිය
උල්ලංගණය කරමින් ආගමික චින්තනය හරහා බිහිවූ මිනිස් බලවේග සෑම මිනිසෙකුටම වන සමාන සැලකීම අහිමි කරන්නට පවා සමත්ව තිබීමේ කටුක යථාර්ථය තුළ කාන්තාවන්ගේ ප‍්‍රජනන කාර්යය වටා ගොඩනැගී ඇති මිථ්‍යා, වත්පිළිවෙත් හා නොයෙක් පරිචයන් මතින් ඇය අයත්වන සංස්කෘතික වපසරිය තුළ ඇයට හිමිවන අහිමිවන අයිතිය හා ආත්මගරුත්වය සාපේක්‍ෂව විමසමින් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් මත ප‍්‍රශ්න කිරීමේ පදනම පොදු මනුෂ්‍යත්වය මත විමසුමට ලක් කරන්නේ එ නිසාමය.

”ස්ත‍්‍රී චර්ම ඡ්දනය ”යනු සංස්කෘතික ආගමික හෝ වෛද්‍ය චිකිත්සකමය නොවුණු හේතුවක් මත කාන්තා බාහිර ජනනේද්‍රීය කොටසක් හෝ එය සම්පූර්ණ වශයෙන්ම ඉවත් කිරීම හෝ කාන්තා ජනනේද්‍රීය අවයව යම් හානියකට ලක් කිරීමකි.

අද වනවිට ලෝකයේ ස්ත‍්‍රී චර්මෙඡ්දනය භයානක ක‍්‍රියාවලියක අඳුරු පැතිකඩක් උරුම කරගනමින් ආකාර කිහිපයකින් ක‍්‍රියාත්මක වන අතර එහි පළමුවැන්න ස්ත‍්‍රියගේ භාගියේ සුළු කොටසක් පමණක් කපා ඉවත් කිරීමකි. දෙවැන්න භාගිය සම්පූර්ණයෙන්ම කපා ඉවත් කර ලේබියා මයිනෝරාව සම්ප‍්‍රර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් කපා ඉවත් කිරීමක් වන අතර තෙවැන්න භාගිය හා ලේබියා මයිනෝරාව සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීමට අමතරව භාහිර ජනනේන්ද්‍රිය විශාල කොටසක් කපා ඉවත්කර පටු සිදුරක් පමණක් තබා මසනු ලැබීමකි.

ඉතා නොදියුණු වාතාවරණයක් තුළ කාන්තාරයේ ගල්පොත්තක් මත හෝ ඒ වෙනුවෙන් අටවන ලද පැළක මෙම ශල්‍යකර්මය අහිකුණ්ඨික ගැහැණියක, ගමේ සාමාන්‍ය හෝ වින්නඹු ස්ත‍්‍රියක විසින් අතට අසුවන බ්ලේඞ් තලයක්, පිහියක්, කතුරක්, බිදුණු වීදුරු කටු කැබැල්ලක්, උල් කරන ලද ගස් කෝටුවක් හෝ තියුණු ගල් කැබැලැලක් භාවිතයෙන් හෝ දත්වලින් විකීම මගින් කිසිම නිර්වින්දනයකින් තොරව සිදුකරන අතර එහි විපාක වශයෙන් කම්පනය, ආසාදනය, බහිස‍්‍රාවීය පද්ධතීන්ට හානි සිදුවීම, පිටගැස්ම, එච්.අයි.වී ආසාදන යන ආකූලතාවන්ට පහසුවෙන් ගොදුරු වෙයි.

මනුෂ්‍යත්වයට එරෙහිව සිදුවන මෙම කුරිරු වදහිංසාව අප‍්‍රිකානු රටවල් 28ක් තුළ විශේෂයෙන්ම සහරා උප කාන්තාර ප‍්‍රදේශ මෙන්ම ඊසාන දිග අප‍්‍රිකානු රටවල බහුල වශයෙන් සිදුවන අතර ඔවුන් ආසියා මැදපෙරදිග හෝ යුරෝපා රටක හෝ කැනඩාවේ ඕස්ෙටි‍්‍රලියාවේ හෝ ඇමරිකාවේ සංක‍්‍රමණිකයන් ලෙස ජිවත් වුව ද තම සංස්කෘතියේ නාමයෙන් අන්ධ විශ්වාසයකට පක්‍ෂග‍්‍රාහීව තව දුරටත් සිදු කරනු ලබයි. වාර්තා ගත සංඛ්‍යා ලේඛන අනුව අද වනවිට කාන්තාවන් හා ළමුන් මිලියන 100-140 අතර ලොව පුරා මෙහි ගොදුරු බවට පත්ව ඇති අතර වසරකට මිලියන දෙකක් පමණ මෙම අවදානමට අඛණ්ඩව මුහුණපායි.

කාන්තාවන්ගේ ලිංගිකත්වය පාලනය කිරීමේ හා පවුලේ ගරුත්වය රැුකීමේ පහසුම මගක් ලෙස ඒකපුරුෂ සේවනය සහතික කරමින් සිය ලිංගික ආධිපත්‍යය ම්ලේච්ඡුත්වයෙන් යුතුව ඔසවාගත් අප‍්‍රිකානු ගෝත‍්‍ර පරිචයක් යටතේ දෙමාපියන් විසින් තම දියණිවරුන්ට සිදු කරන මෙම චර්ම ෙඡ්දනය මගින් සිය සංස්කෘතියට හා මුතුන්මිත්තන්ට වන ගරු කටයුතු බව ප‍්‍රදර්ශනය කරන අතර සමාජයට අවශ්‍ය කරන සාම්ප‍්‍රදායික හා සංස්කෘතිික වටිනාකම් පිළිබඳ තමා අවදියෙන් සිටින බව සමාජයට පෙන්නුම් කරයි. මෙය දක්නට ලැබෙන ජන සමාජයන්හි මෙය සමාජ මිම්මක් නියමයක් ලෙස පිළිගැනෙන අතර එහි කිසිදු ප‍්‍රතිලාභයක් නැති බව දනිමින් වුවද සමාජ අවශ්‍යතාවය උදෙසා වන ආගමික වගකීමක් බවට පත්ව තිබීම මහත් අවාසනාවක් වෙයි.

තමා ආදරය කරන සංස්කෘතියේම හර පද්ධතියට පිටින් වූ ම්ලේච්ඡු ක‍්‍රියාවක ගොදුරක් බවට පත්වු වුව ද, භෞතික සැප සම්පත් නොමැතිවද සතුටින් ගත කළ හැකි ජීවන රටාවකට හිමිකම් කියූ අප‍්‍රිකානු සංස්කෘතියේ වටිනාකම්, පවුල් සංස්ථාවේ සාරධර්ම මෙන්ම සොබා දහම හා බැදුණු සරල ජීවිතය මත අප‍්‍රිකානු ජාතිකයකු වීම ගැන දිනපතාම දෙවියන්ට ස්තූතිවන්ත වෙමින් සෝමාලියානු ජාතිකයකු වීම ගැන නිරන්තරයෙන් හා අවංකවම ආඩම්බර වූ ”කාන්තාරයේ කුසුම” කර්තෘවරිය ස්ත‍්‍රී චර්ම ෙඡ්දනය මෙන්ම ගෝත‍්‍රික යුද්ධ ඇතිවීමට හේතුවන ආත්මාර්ථය, මමංකාරය හා ක්‍රෝධය හෙළා දකිමින් මෙකී ම්ලේච්ඡු ක‍්‍රියාවන්හි තරම ලොවට හෙළිකිරීම, වෙනත් සංස්කෘතික මතයක් දරන්නෙකුගෙන් පමණක් නොව ඇගේම සංස්කෘතිය තුළවන අන්තවාදී ආගමික අන්ධ භක්තියට එරෙහිව බිය සැක නොමැති ගෞරවාන්විත ජීවිතයක් සඳහා වූ නෛසර්ගික හිමිකම වෙනුවෙන් වූ සංස්කෘතියක් ප‍්‍රශ්න ගත කිරීමකී.
ස්ත‍්‍රී චර්ම ෙඡ්දනයෙන් තොර ලොවක් සඳහා වූ ඇගේ සටන අප‍්‍රිකානුවන් වෙනුවෙන් පමණක් නෙවේ. අප‍්‍රිකාවේ ක‍්‍රියාත්මක වන මෙම පරිවය නොදියුණු පසුගාමී හා මිලේච්ඡ වූවක් ලෙස සලකමින් යුරෝපීය කෘතීම රූපාලංකාරය මත ස්ත‍්‍රී ජනනේන්ද්‍රියේ රූපංකතය මෝස්තරනය සඳහා කෘතීම රූපලාවන්‍ය හා චිකිත්සකාගාර වෙත මුදල් වැයකර වෙනත් මුහුණුවරකින් සමාජගත වූ බටහිර ජාතීන්ගේ කාන්තා මානසිකත්වයද වෙනුවෙනි. මන්ද අප‍්‍රිකාවේ හෝ වේවා යුරෝපයේ හෝ වේවා මෙහි අවසාන ප‍්‍රතිඵලය වශයෙන් දක්නට ලැබෙන්නේ කාන්තාවන් මෙහි ගොදුරු බවට පත්වීමම වන හෙයිනි. එනිසා මෙය එක් සංස්කෘතියක නාමයට පහර ගසන්නක් නොව මනුෂ්‍යත්වයට එරෙහි වූ කෲරත්වය වැළැක්වීමේ ගෝලීය ප‍්‍රයත්නයක් වෙයි.

අප‍්‍රිකානු රාජ්‍යයන් විසින් 2003 වර්ෂයේදී අප‍්‍රිකානු ප‍්‍රඥප්තියට ගෙන එන ලද ”මපුටා ප්‍රොටෝකෝලය” ලෙසින් පොදුවේ වහරන අප‍්‍රිකානු කාන්තා අයිතීන් පිළිබඳ වෛකල්පිත ගිවිසුම හරහා නූතන මානව හිමිකම් ප‍්‍රවාදය තුළ ඔවුන්ට තහවුරු කරන ලද නීතිමය සුරක්‍ෂිතභාවය මෙකී සංස්කෘතිය ප‍්‍රශ්නගත කිරීමෙි උත්කෘශ්ට ප‍්‍රතිඵලයයි.

සංස්කෘතික සාපේක්‍ෂකත්වයට එහා ගිය විශ්වීය බැඳීමක් තුළ ලෙයින් මසින් සැදුණු එකම මිනිස් පවුලකට නෑකම් කියන සමස්ත මිනිස් ප‍්‍රජාව මිනිස් අයිතිවාසිකම් හා නිදහස සම්බන්ධයෙන් වන ගෞරවය ප‍්‍රවර්ධනය කිරීමේ සාමූහික ප‍්‍රයත්නයට සිය සහෝදරත්වයේ දෑත දිගුකිරීමේ මෙහෙවර උදෙසා සංස්කෘතියක් ප‍්‍රශ්නගත කිරිමෙි හිමිකමින් නිරන්තර බැදී සිටියි.
මා දකින සත්‍යය තුළ එය සැබවින්ම සහසික කියමනක් නොවන්නේ එක් සංස්කෘතියක් විසින් ඉල්ලා සිටින ලද කාන්තාරයේ කුසුම ග‍්‍රන්ථය හරහා මතු කළ සහාසික වරද සැබවින්ම අද ලෝකය නිවැරදි කරමින් ඇස් අරිමින් සිටින නිසාවෙනි. සම්පූර්ණ පින්තුරයම දැක ගැනීමට පින්තූරයෙන් එළියට පැමිණිය යුතුමය. අවසාන වශයෙන් කිව යුතු වන්නේ එයයි.

සටහන
නීතීඥ නයෝමි වික‍්‍රමරත්න
එල්.එල්.බී ගෞරව (කොළඹ*

Recommended For You

About the Author: Editor