
නව අගවිනිසුරුධුරයට පත් වූ ජයන්ත ජයසූරිය මහතා අද (09) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහා විහාරයට පැමිණ මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී.
ඒ අනුව මුලින්ම අස්ගිරි මහා විහාරයට පැමිණ අගවිනිසුරුවරයා එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබා ගන්නා ලදී.
අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි අගවිනිසුරුවරයා එහිදී එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමාපාණන් වහන්සේ බැහැ දුටුහ.
මෙහිදී අගවිනිසුරුවරයා හමුවේ කරුණු දැක්වූ මහනායක නාහිමිපාණන් නඩු කටයුතු ප්‍රමාදවීම හැකිතාක් අවම කොට ගෙන විවිධ අපහසුතා ඇති වන බැවින් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදීම වැදගත් බව පෙන්වා දෙන ලදී. නඩු කටයුතු සහ අධිකරණයට යන අවස්ථා වලදී මහා සංඝරත්නය අසීරුතාවයන්ට ලක් වන අවස්ථා ඇතිවන නිසා ඒ සදහාද සුදුසු වැඩපිළිවෙලක් යෙදීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.