ISIS අප‍්‍රිකාවේ මුල්බසිමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි

ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදීන් සිරියාවේ සහ ඉරාකයේ ලබමින් සිටින දැවැන්ත පරාජයන් හමුවේ ඔවුන් අප‍්‍රිකාව තුළ ස්ථානගත වෙමින් සිටින බව ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයෝ සඳහන් කරන බව විදෙස් මාධ්‍ය කියයි.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඉස්ලාමීව රාජ්‍ය ත‍්‍රස්තවාදීන් මාලි, සියොරාලියොන්, ලිබියාව ආදි රාජ්‍යවල ස්ථානගත වෙමින් සිටින බවයි එම වාර්තා සඳහන් කරන්නේ. මේ විට විට පැවැති ඒකාධිපති ආණ්ඩු, විශේෂයෙන් ලිිබියාවේ බිඳ වැටීම හමුවේ සහ සිවිල් අරගලවලින් හෙම්බත් වී සිටින මෙම රටවල මධ්‍යම ආණ්ඩුවේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී තිබීමත්, බොහෝ පළාත් අන්තවාදී ගෝත‍්‍රික නායකයින්ගේ පාලනය යටතේ පැවතීමත් එම රටවල ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ට තහවුරු වීමට ප‍්‍රබල හේතුවක් වී ඇති බව ද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor