සිනමාශාලා තුළ ‘මතට තිත’ තීන්දුවට ගල් සහ මල්

සිනමා ශාලා තුළ මත්පැන් හල් පවත්වා ගෙන යාම සඳහා නිර්දේශ ලිපි නිකුත් නොකිරීමට පසුගිය 07 වැනිදා ගත් කැබිනට් තීන්දුව අනුව යමින් ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් සිනමාශාලා වෙත නිකුත් කර ඇති නිර්දේශ ලිපි 35ක් අවංලගු වීමට නියමිත බව ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සුධීර නිලංග මහතා පවසයි.

සාමාන්‍යාධිකාරිවරයා ප‍්‍රකාශ කළේ ජාතික චිත‍්‍රපට සංස්ථාවට අයත් සිනමා ශාලා 191 අතරින් මෙම නිර්දේශ ලිපි ලබාදී ඇත්තේ සිනමා ශාලා 35කට පමණක් බවයි.

මේ අතර අප කළ විමසීමකදී චිත‍්‍රපට ශාලා හිමියන් කිහිප දෙනකු කියා සිටියේ දිගින් දිගටම පාඩුපිට පවත්වා ගෙන ගිය චිත‍්‍රපට ශාලාවලට යම්කිසි ආදායමක් හෝ ලැබුණේ මත්පැන් හා දුම්වැටි අලෙවියෙන් බවත් එය ද අහිමි වුවහොත් සිනමාශාලා වසා දැමීම හැර වෙනත් විකල්පයක් තමන්ට නැති බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් පිරිසක් පවසන්නේ රජය විසින් ගත් තීරණයට තමන්ගේ සහාය හිමිවන බවයි. සිනමාශාලා තුළ මත්පැන් හා දුම්වැටි පානයෙන් තමන් දැඩිව අපහසුතාවට පත්වන බවයි ආණ්ඩුවේ තීරණයට තමන් සහයෝගය පළ කරන බවත් ඔවුහු පැවසූහ.

Recommended For You

About the Author: Editor