අළුයම 01 ට සූර්වී ජාතික ආරක්ෂාව අනතුරේ හෙළු නීතිඥයාගේ BMW රියට වෙඩි

වත්තල, හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකයේදී අද අළුයම 12.00 පැයට ආසන්න වේලාවකදි ටාටා නැනෝ වර්ගයේ මෝටර් රථයක් පරික්‍ෂා කිරීම සඳහා නැවැත්විමට ලබා දුන් අණ නොතකා එම මෝටර් රථය මාර්ග බාධකයේ සිටි නිලධාරියා ද අනතුරට පත් කරමින් පලා යෑමට උත්සහ කර ඇත. එහිදී මෝටර් රථය නැවැත්විම සඳහා නාවික හමුදා පුද්ගලයින් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඒ හේතුවෙන් රියදුරු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජිවිතාක්‍ෂයට පත්ව ඇතැයි නාවික හ මූලස්ථානය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.

එහි මෙසේ ද සඳහන් වේ. .

එමෙන්ම ඉහත මාර්ග බාධකයේදීම ඊට පැයකට පමණ පසු එනම් අළුයම 01.00 පැයට ආසන්න ‍වේලාවකදි බීඑම්ඩබ් (BMW) වර්ගයේ මෝටර් රථයක් මේ ආකාරයෙන්ම අණ නොතකා පලා යෑමට සිදු කළ උත්සහායේදී මෝටර් රථය නැවැත්විම සදහා නාවික හමුදාව විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයේදී එහි රියදුරු සුළු තුවලා ලබා ඇත.

මෙම  බීඑම්ඩබ් (BMW) වර්ගයේ මෝටර් රථයේ රියදුරු නිතිඥවරයෙකු ‍ලෙස හඳුනාගෙන ඇති අතර, පලා යෑමට උත්සහ කළ මෙම සැකකාර රියදුරුවරුන් දෙදෙනාම (02) බිමත්ව රිය පදවා ඇති බවට පරික්‍ෂණ වලදි අනාවරණය කර ගෙන ඇත.

රටේ මහජනතාව ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් මහජනතා‍වගේ සහයෝගය සහ වගකිම අවස්ථා ගණනාවකදිම ප්‍රකාශ කර ඇත. එමෙන්ම බහුතරයක් මහජනතාව මේ අවස්ථාවේදී රටේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් තම සහයෝගය ලබා දි ඇතිමුත් මෙවැනි සුළු පිරිසක් නිසා ඉතාමත් කණගාටුදායක සිදුවිම් වලට මුහුණ දීමට සිදුව ඇත. පවතින වාතාවරණය හමුවේ කිහිපදෙනෙකු විසින් සිදු කරන මෙවැනි නීති විරෝධී සහ නොසැලිකිලිමත් ක්‍රියාවන් තුලින් ආරක්‍ෂක අංශයන්හි රාජකාරියට බාධාවනවා මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකීක ජනතාව වෙනුවෙන් සිදු කළ වගකිම් පැහැර හැරීමක් ලෙස දැක්විය හැක.

තවද පසුගිය දින රාගම, වැලිපිල්ලැව ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයේදී නාවික හමුදා අණ නොතකා යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු එම මාර්ග බාධකයේ සිටි නාවික පුද්ගලයා ද අනතුරට පත් කරමින් පලා ගොස් තිබුණු අතර, පසුව යතුරු පැදියේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

Recommended For You

About the Author: Editor