නීතියට පිටින් පොලිස්පතිවරයාව ඉවත් කරන්න බැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා ඉවත් කිරීම රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ පනත අනුව සිදුවිය යුතු ක්‍රියාවක් බව සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (10) ප්‍රකාශ කළේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ කරුණක් සඳහා පිළිතුරු දෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

පොලිස්පතිවරයා ඉවත් කිරීමට නොහැකිවීම 19වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ආපු එකක් නෙවෙයි. ඊට කලින් තිබුණා රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ පනත. ඒ පනත යටතේ පොලිස්පතිවරයා ඉවත් කරන්නම්. පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා ඔහුව වැරැදිකරුවකු වුවහොත් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න ඕන. ඒකයි ක‍්‍රමය. නැතුව නිකන් ඉවත් කරන්න බැහැ. ඒක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා නෙමේ. තමුන්නාන්සේලා කැමතිනම් අපි කමිටුවක් පත් කරමු.

Recommended For You

About the Author: Editor