ක‍්‍රීඩා ඇමැතිට අල්ලස් දීමට තැත් කළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිගණක දත්ත විශ්ලේෂකට වැඩ වරදී

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඇමැතිවරයා වන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළ සනත් ජයසුන්දරට එරෙහිව තමන් විසින් විසින් චෝදනා ගොනු කර තිබෙන බව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය කවුන්සිලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙනවා.

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ වගන්ති 02ක් සනත් ජයසුන්දර විසින් උල්ලංඝණය කර ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

කී‍්‍රඩා අමාත්‍යවරයාට අල්ලස් දීමට තැත් කිරීම,  ඕනෑම ආකාරයක උපක‍්‍රමයකින් අන්තර්ජාතික තරගයක ප‍්‍රතිපලයට, රටාවට හෝ ස්වභාවයට අනිසි ලෙස බලපෑම් කිරීම ඔහුට එරෙහිව ඇති එක් චෝදනාවක් බවයි වාර්තා වන්නේ. මෙම චෝදනා හේතුවෙන් සනත් ජයසුන්දරට තාවකාලික තහනමක් පැනවීමට ද අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

සනත් ජයසුන්දර ඊයේ (11) සිට දින 14ක් ඇතුළත අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඉදිරියේ මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

Recommended For You

About the Author: Editor