බලොචිස්තාන් විමුක්ති හමුදාව සුපිරි හෝටලයකට පහර දෙයි

පාකිස්තානයේ බලොචිස්තාන් balochistan ප්‍රාන්තයේ ග්වාදාර්හි පිහිටි තරු පහේ හෝටලයකට තුවක්කුකරුවන් තිදෙනෙකු කඩා වැදී එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂක නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව
Dawn පුවත්පත වාර්තා කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ග්වාදාර් වරාය නගරයේ පිහිටි පර්ල් කන්ටිනෙන්ටල් හෝටලය ආරක්ෂක බලඇණි විසින් වටලනු ලැබූ බවත් අවම වශයෙන් තුවක්කුකරුවන් තිදෙනෙකු එම ප්‍රහාරය එල්ල කර ඇත.

එම හෝටලය විදේශිකයින් සහ ව්‍යාපාරිකයින් විසින් භාවිත කරන්නක් බව පැවසෙන අතර සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි සංඛ්‍යාව පැහැදිලි නැත. හෝටලයේ රැඳී සිටි පුද්ගලයින් රැසක් ඉන් ඉවතට ගෙන ගිය බව බලධාරීහු පැවසූහ.

බලොචිස්තාන් විමුක්ති හමුදාව (Balochistan Liberation Army) නමැති බෙදුම්වාදී කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. ඔවුන් පවසා ඇත්තේ, චීන සහ විදේශ ආයෝජකයින් සිය ඉලක්කය වූ බවය.

බලොචිස්තාන් යනු පාකිස්තානයේ දුප්පත් ම සහ අවම වශයෙන් සංවර්ධිත පළාතකි.

අන්තවාදීන්ට උඩගෙඩි දෙන දුප්පත්කම

Recommended For You

About the Author: Editor