ජිහාඞ් ත‍්‍රස්තයෝ තවත් බිලි ගනිති

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඩබ්ලෝ (Dablo) නගරයේ දේව මෙහෙයක් පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයකට ගිනි තැබූ තුවක්කුකරුවන් දේවගැතිවරයකු ඇතුළු හය දෙනෙකු මරා දැමූ බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලධාරීහු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ප්‍රහාරකයන් අසල්වැසි කඩ සාප්පුවලට සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ද ගිනි තැබූ බව සඳහන්.

මෙම ප‍්‍රහාරය ජිහාඩ්වාදීන්ගේ ප‍්‍රහාරයක් වශයෙන් අනුමාන කරනවා.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඩබ්ලෝ හි නගරාධිපති Ousmane Zongo AFP පුවත් සේවයට මෙසේ සඳහන් කර සිටියා.

“සන්නද්ධ පුද්ගලයන් කතෝලික දේවස්ථානයට කඩා වැදුනා … බැතිමතුන් පලා යාමට උත්සාහ කරන කොට ඔවුන් වෙඩි තියන්න පටන් ගත්තා, නගරයේ මිනිස්සු තැති ගැනුණු ස්වභාවයක් පවතිනවා. ජනතාව ගෙවල්වලට කොටු වෙලා, කිසිම දෙයක් සිද්ද වෙන්නේ නෑ. කඩ සාප්පු සේරම වහල දාල. දැන් මේ නගරයම පාලු සොහොන් පිටියක් වගේ”

2016 සිට බුර්කිනා ෆාසෝ හි ජිහාඩ්වාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූ අතර, ගතව ගිය සති පහ ඇතුළත එහි කතෝලික දේවස්ථානවලට එල්ල වූ තුන්වෙනි ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor