ටෙලිකොම් වෙතින් SLT Voice App

‘SLT Voice App‘ සේවාව ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) තම පාරිභෝගිකයන්ගේ ඇමතුම් සබඳතා (Voice connection) සේවාව නව මානයකට රැගෙන යමින් සහ පාරිභෝගිකයා හට ඇමතුම් සන්නිවේදනයේ නවතම අත්දැකීමක් ලබාදෙමින් ‘SLT Voice App‘ හඳුන්වාදීමට සැදී පැහැදී සිටියි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේ ද පළමු වරට දියත්වන මේ ‘zSLT Voice App’ නම් මේ නවෝත්පාදනය ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වාදීමට ලැබීම ශ්‍රී ලංකා ටෙලිකොම් ලද ගෞවරයකි.

ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රියාකාරී වෘත්තිකයන්, විධායකවරුන්, යෞවනයන්, තරුණ වැඩිහිටියන් හා ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල පරිශීලකයන් සියල්ලම පාහේ, වේගයෙන් පෙරට ඇදෙන ලෝකය සමඟින් ස්මාර්ට් දුරකථන, ස්මාර්ට් ටැබ්ලට් පරිගණක හා ස්මාර්ට් උපාංග බහුලව භාවිත කරයි. විශේෂයෙන්ම යොවුන් පරපුර විවිධාකාරයේ යෙදුම් හරහා අන්තර්ජාල ඇමතුම් ලබාගැනීමට වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි.

Recommended For You

About the Author: Editor