සමාජ ජාලාවලින් වෛරය වැපිරුවොත් වැඩ වරදි : නීති මෙන්න

සමාජ ජාලා මාධ්‍ය මගින් සාවද්‍ය සහ වෛරී සහගත ප‍්‍රකාශ නිර්මාණය කොට මුදා හරින සහ ඒවා හුවමාරු කිරීම කරන තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ප‍්‍රමාණවත් නීති ඇති බවත් එවැනි වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පොලිස් මූලස්ථානය තුළ ස්ථාපිත කොට ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා අවධාරණය කරයි.

අද පැවැති ජනමාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ සාවද්‍ය සහ වෛරී සහගත ප‍්‍රකාශ නිර්මාණය කිරීම, ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සේම ඒවා හුවමාරු කර ගැනීම ද හදිසි නීති පනත අනුව වසර 3-7 සිර දඬුවම් නියම කළ හැකි වරදක් බවයි.

Recommended For You

About the Author: Editor