අගමැති රනිල් වහාම අත්අඩංගුවට ගන්න – ජාතික සංඝ සම්මේලනය

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා වගකීම පැහැර හැරි බවත් ඒ හේතුවෙන් ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතු බවත් ඉල්ලමින් ජාතික සංඝ සම්මේලනය අද පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් භාර දුන්නේය.

පැමිණිල්ල භාර දීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ ජාතික සංඝ සම්මේලනයේ සම සභාපති රජවත්තේ වප්ප හිමි හිමියෝ මෙසේ පැවසූහ.

”පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා තොරතුරු දැන සිටියත් ඒ පිළිබඳ ක‍්‍රියා නොකිරීම, ආණ්ඩුව පිළිබඳ තමන්ගේ වගකීම පැහැර හැරිම ආදී කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම පැමිණිල්ල ගොනු කළ කළා. මෙම චෝදනා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසද එම පැමිණිල්ල මගින් අපි ඉල්ලා සිටියා.

මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ රජවත්තේ වප්ප හිමියෝ

‘‘ අගමැතිට එරෙහිව පොලිස් මූලස්ථානයට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයන් නිසා මේ වනවිට 250කට වඩා පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ වගේම 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.දශක තුනක ත‍්‍රස්තවාදයක් නැති කරලා මේ රට තුළ සාමය, සමෘද්ධිය ඇතිවෙලා ජනතාව සාමයෙන් සතුටින් ජීවත් වන කාලයක මේ සා විශාල විනාශයක් වීමට ප‍්‍රධානතම හේතුව රටේ ආරක්ෂාවක් නොතිබීමයි. ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව නැති කිරිම පිළිබඳ මූලිකව වගකිව යුත්තේ මේ රටේ අග‍්‍රාමාත්‍යවරයායි. ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ජාතික සංඝ සම්මේලනය විදියට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා’’

මෙම අවස්ථාව සඳහා ජාතික සංඝ සම්මේලනයේ මාධ්‍ය ලේකම් වත්තහේනේ විජිත හිමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor