ප‍්‍රචණ්ඩකාරීන්ට නාවික හමුදාපතිගෙන් දැඩි අනතුරු ඇඟයීමක්

අවවාද කර නොසන්සුන්තා පාලනය කිරීමට නොහැකි වුවහොත් ති‍්‍රවිධ හමුදාවට අවම බලය යෙදවීමට සිදුවන බවත් එහිදී වෙඩි තැබීමට ඉඩනොතබා සාමකාමීව සිටින ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අවවාද කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මෙසේ ද අවධාරණය කළේය.

“කලහකාරී පිරිස් පාලනය කිරීම සඳහා අවම බලය යෙදීමේදී සමහරවිට වෙඩි උණ්ඩයක් පත්තු කරන්න සිදු වෙනවා. අවම බලය යෙදවීමේ ක්‍රියා පිළිවෙතක් තියෙනවා. ඒ අනුව අපි අවම බලය ඒ පුද්ගලයන්ට එරෙහිව යොදවන්න සිද්ධ වෙනවා. ඒක ත්‍රිවිධ හමුදාවට ලැබිලා තියෙන උපදෙස්. අපිට බොහොම කණගාටුදායක තත්ත්වයකට පත්වෙන්න වෙනවා.. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම. පුද්ගලයෙකුට තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු වෙන්නේ ඔහු හමුදා අණට අවනත නොවී ඔහුගේ අභිමතය පරිදි දේපළ හානියක් හෝ ජීවිත හානියක් කරන්න යොමු වෙලා ඉන්න අවස්ථාවකදී. ” කියාය.

Recommended For You

About the Author: Editor