ජනපති – අගමැති – විපක්ෂ නායක ඇතුළත් නව ආරක්ෂක මණ්ඩලයක් වහාම ඕනෑ – ජාතික මග මහජන ව්‍යාපාරය අවධාරණය කරයි

අවම වශයෙන් මෙම තත්ත්වය සමහන් වන තුරු රටේ ජාතික ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය ලෝකයටත්, ජනතාවටත් පෙන්නා දීමට ජනපති, අගමැති හා විපක්ෂ නායත ඇතුළත් වූ නව ආරක්ෂක මණ්ඩලයක් පිහිටුවිය යුතු යැයි ‘‘ජාතික මග මහජන ව්‍යාපාරය’’ ආණ්ඩුවෙන් ඇතුළු සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ප‍්‍රමුඛ ඉල්ලීම ද ඇතුළත් ඉල්ලීම් 07ක් ඊයේ සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති ‘‘ජාතික මග මහජන ව්‍යාපාරයේ ’’මංගල සමුළුවේදී රට හමුවේ තබන ලදි.


ජාතික මග මහජන ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රධාන යෝජනා පහත දැක්වේ.

1 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදසි නීතිය වගකීම් සහගත ලෙස යොදා ගනිමින් මෙකී ප‍්‍රහාරයේ වගකිව යුත්තන් හා අනාගතයේදී එවැනි ප‍්‍රහාර සැලසුම් කරමින් ඇති පුද්ගලයින් නිෂ්ක‍්‍රීය කිරීමට කටයුතු කළ යුතුය.

2 සියලූම ආකාරයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් සිදුකරන සංවිධාන, ඒවාට අනුබල ලබා දෙන හා ඒවාට අනුබද්ධිත ආයතන ද, විදේශීය ත‍්‍රස්තවාදීන් සමග ගනුදෙනු කරන බවට සාධක සහිත ආයතන ද වහාම තහනම් කළ යුතුය. එමෙන්ම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා ජනතාව පොළඹවන, වෛරී ප‍්‍රකාශ කරමින් සාමය කඩකරන, සියලූ ආගම් හා මතවාදවලට අයත් පුද්ගලයින් හා සංවිධාන වෙතොත් ඒවා ද නීති විරෝධී කර නිෂ්ක‍්‍රිය කළ යුතුය.

3 අවම වශයෙන් මෙම තත්ත්වය සමහන් වන තුරු රටේ ජාතික ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය ලෝකයටත්, ජනතාවටත් පෙන්නා දීමට ජනපති, අගමැති හා විපක්ෂ නායත ඇතුළත් වූ නව ආරක්ෂක මණ්ඩලයක් පිහිටුවිය යුතු ය.

4 විදේශ රටවල බුද්ධි අංශ හා තොරතුරු සේවා සමග අඛණ්ඩ සබැඳියාවක් පවත්වා ගත යුතු අතර, කිසිදු විදේශීය රටකට ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වය කඩවන අයුරින් ආරක්ෂක කටයුතුවලට මැදිහත් කර නොගැනීමට ආණ්ඩුව සහ ආරක්ෂක මණ්ඩලය වගබලා ගත යුතුය.

5 ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධානතම අවිය නීති විරෝධී මූල්‍ය සංසරණයයි. ත‍්‍රස්ත ක‍්‍රියාවලිට සම්බන්ධ අයගේ සියලූම ඍජු හා වක‍්‍ර ගිනුම්, නිශ්චල හා චංචල දේපොළ හඳුනා ගෙන රාජසන්තක කිරීම කළ යුතුය. එමෙන්ම රට තුළ ස්වේච්ඡුා සංවිධාන ලෙස ක‍්‍රියාත්මක වෙමින් අන්තවාදයට, ත‍්‍රස්තවාදයට අරමුදල් සම්පාදනය කරන ආයතන හඳුනා ගෙන නිෂ්ක‍්‍රිය කිරීමට ද, සමාජයට සාධාරණ ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටිමින් නීති විරෝධී භාණ්ඩ හා සේවා සපයමින් අන්තවාදය හා ත‍්‍රස්තවාදය පෝෂණය කරන පිරිස් හඳුනා ගෙන දැඩිව පියවර ගැනීම ද කළ යුතුය.

6 ඉතා සුුළු අන්තවාදීන් පිිරිස නිෂ්ක‍්‍රිය කිරීමේ වැඩි වගකීමක් අපගේ සාමයට ලැදි මුස්ලිම් ප‍්‍රජාව විසින් ද බාර ගත යුතුය. අන්තවාදීන් පිළිබඳ නිශ්චිත තොරතුරු ආරක්ෂක අංශවලට ලබාදීමේ, විධිමත් ක‍්‍රියාවලියක් සංවිධානය කිරීම සාමය අගයන ඉස්ලාම් නායකයින්ගේ අත්හල නොහැකි වගකීමක් බව ද පෙන්වා දෙන්නෙමු

7 සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන, පුද්ගලයින් අත්අඩංගුවට ගත් කළ, බලපෑම් කිරීමෙන් වැළකීමෙන් හා වෙනත් සෑම ආකාරයකින්ම ආරක්ෂක අංශවලට සහාය දිය යුතුය.

ඉහත සඳහන් ප‍්‍රධාන යෝජනාවල උප වගන්ති ද ඇති අතර එම සියලූ යෝජනා මනාව හා කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශ්ව අවංකව පියවර ගන්නේ නම් අන්තවාදය හා ත‍්‍රස්තවාදය ඉතාම කෙටි කාලයක් තුළ තීරණාත්මකව පරාජය කළ හැකි බව ‘‘ජාතික මඟ’’ මහජන ව්‍යාපාරයේ අදහස බව ද සඳහන් වේ.

Recommended For You

About the Author: Editor