ජාතික ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ නිල වාර්තාව : පාස්කු ඉරිදා ත‍්‍රස්තයින් භාවිත කළ ආරක්ෂිත නිවාස 17ක් සහ පුහුණු වූ ස්ථාන 07 හඳුනා ගනී

පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සම්බන්ධ අන්තවාදීන් නවාතැන් ගෙන සිටි ආරක්ෂිත නිවාස 17ක් සහ වැඩමුළු පැවැත්වීම සඳහා භාවිත කළ ස්ථාන 07ක් මේ වන විට හඳුනා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ඊයේත් ඒවගේ ම පෙරේදාත් වයඹ පළාතේ පොලිස් කොට්ඨාශ කිහිපයක එනම් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය හා හලාවත කියන පොලිස් කොට්ඨාශවල සිදුවුණු නොසන්සුන්කාරී හා ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 78ක් අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් අදාළ ගරු අධිකරණවලට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබෙන්නේ. ඊට අමතරව මේ ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවලට සම්බන්ධවුණ අනෙක් සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා මේ වෙද්දි විමර්ශන සිදුවෙනවා.

ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන ඔවුන්ගේ සේවා ස්ථානවලට දන්වා යවනවා

විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි දැනටමත් පොලීසිය භාරයට අරගෙන තිබෙන වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධව සැකකරුවන් අනාවරණය කරගෙන හඳුනාගැනීමේ කටයුතු සිදුවෙනවා. ඔවුන් අත්තඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුවෙනවා. ඒ වගේම දැනට මේ අත්තඩංගුවට ගත්ත සැකකරුවන් 78 අතර සිටිනවා රජයේ වගේම පෞද්ගලික ආයතනවල රැුකියාව කරන පිරිස්. ඒවගේම දැනටමත් මේ අත්තඩංගුවට අරගෙන සිටින සැකකරුවන්ගෙන් මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධව විමර්ශනවලදි ඉදිරියේ දී අත්තඩංගුවට ගනු ලබන සැකකරුවන්ගේත් ඔවුන් රැුකියාව කරන රජයේ ආයතනයක් වෙන්න පුළුවන් පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන් ඒ ඔවුන් රැුකියාව කරන ආයතන වෙත අපි දන්වා යැවීමට තීරණය කරලා තියෙනවා. ඔවුන්ව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් ඒ ඒ ආයතනයේ විනය කි‍්‍රයාමාර්ග ගැනීමටත් අපි ඒ සැකකරුවන්ගේ ඒ රැුකියාව කරන ස්ථාන වෙත දැනුම්දීමට ද අපි ඉදිරියේදී කටයුතු කරන බව මේ අවස්ථාවේ දී සඳහන් කරන්න අවශ්‍යයි.

වයඹට පොලීසියේ 5500ක්

ඒවගේම මේ සිදුවුණු නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් ඒ නොසන්සුන්කාරී තත්වය පාලනය කරන්නඒ හේතුවෙන් අපිට සිදුවුණා වයඹ පළාත තුළ පමණක් පොලිස් නිලධාරීන් 5500කට අධික ප‍්‍රමාණයක් රාජකාරියේ යොදවන්න. මේ නිලධාරීන් සියලූදෙනා මහජනතාවගේ එදිනෙදා පැමිණිලි විභාග කිරීමට සිටි නිලධාරීන් එහෙමත් නැතිනම් අධිකරණ කටයුතුවලට සහභාගිවීමට සිටි නිලධාරීන්. ඒවගේම අපරාධ විමර්ශන කටයුතු සිදුකිරීමට සිටි නිලධාරීන්. රථවාහන රාජකාරි සඳහා යෙදවීමට සිිටි නිලධාරීන්. ඒවගේම මත්ද්‍රව්‍යය ඇතුළු නීති විරෝධී මධ්‍යසාර අත්තඩංගුවට ගැනීමේ ඒ වැටලීම් සිදුකිරීමට සිිටි නිලධාරීන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතුකිරීමට සිදු වූ නිලධාරීන්. ඒ වගේම මේ ප‍්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමේ දී ති‍්‍රවිධ හමුදාවෙනුත් සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙනුත් උපරිම සහය ලැබෙන බවත් මේ අවස්ථාවෙදි සඳහන් කරන්න අවශ්‍යයි. විත්‍ශ්ෂයෙන් භූමියේ ආරක්ෂාව සැලසීමේදී භූමිය තුළ සාමය ස්ථාපිත කිරීමේ දී යුදහමුදාපති තුමා ප‍්‍රධාන යුදහමුදාවෙන් අපට ලැබී තිබෙන සහය අසීමිත බවත් සඳහන් කළ යුතුයි. ඒවගේම ති‍්‍රවිධ හමුදාවෙන්ම ලැබී තිබෙන සහය මේ අවස්ථාවේ දී ස්තුති පූර්වකව සඳහන් කරන්න අවශ්‍යයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන පරීක්ෂණවල ප‍්‍රගතිය

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසිනුත් ඒවගේම ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසිනුත් සිදුකරන විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ ඉතා සාර්ථකව සිදුවෙනවා. මේ ප‍්‍රහාරයට, අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට අදාළව අත්තඩංගුවට ගන්නා ලද සැකකරුවන් 65ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ මේ වෙද්දි රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. ඒ අතර සිටිනවා කාන්තාවන්් 8ක්. ඒවගේම අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට අදාළව අත්තඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 20ක් සිටිනවා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය භාරයෙ.් ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා. මේ අනුව අප්‍රේල් 21 ප‍්‍රහාරයට අදාළව අත්තඩංගුවට ගෙන දැනට රඳවාගෙන තිබෙන සැකකරුවන් 85ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේත් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය භාරයේත් සිටිනවා.

ඒ වගෙම කල්මුණේ සයින්දමර්දුවල සිදුකර ගත්ත පුපුරවා ගැනීමෙන් තුවාල ලැබූ අබ්දුල් කාදර් ෆාතිමා සහදියා නැමැති අය එනම් මරාගෙන මැරෙන බෝම්බකරු වූ මොහොමඞ් සහරාන්ගේ බිරිඳ ඇයත් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින්නෙ. මා මේ සඳහන් කරන ලද ප‍්‍රමාණයට ඇයත් ඇතුළත්. ඒවගේම ඇයගේ දියණියත් වෙනත් භාරකරුවකු නොමැති බැවින් ඇය භාරයේ සිටිනවා.

ඒවගේම කොච්චි කඬේ දේවස්ථානය අසළ ඒ කොච්චිකඬේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණි වෑන් රථය පසුව පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් ආරක්ෂිතව පුපුරවා හැරීමට කටයුතු කළා. ඒ වෑන් රථයේ ආසන සකස් කිරීම ඇතුළු කටයුතු සඳහා එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු සමග සම්බන්ධවෙලා හිටපු පුද්ගලයෙක් අපිට අවශ්‍ය වෙලා තිබුණා. ඒ පුද්ගලයා දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් ඒ පුද්ගලයා පිළිබඳව පවසන විස්තර අනුව රූපසටහන් 4ක් ඇදලා අපි මාධ්‍ය හරහා එය ප‍්‍රසිද්ධියට පත් කළා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලැබුණු තොරතුරක් අනුව ඒ පුද්ගලයාවත් අත්තඩංගුවට ගැනීමට හැකිවුණා. ඒ සැකකරු නව කාත්තණ්කුඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමඞ් ආදම් ලෙබ්බේ නැමැති පුද්ගලයෙක් ඔහුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තවේ රඳවාගෙන ඒ විමර්ශන සිදුවෙනවා.

සහරාන්ගේ ආරක්ෂිත නිවාස 17 සහ පුහුණු ස්ථාන 07 පිිහිටි ප‍්‍රදේශ

මේ අනුව මේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වුණු සැකකරුවන් විශාල ප‍්‍රමාණයක් දැන් අත්තඩංගුවට අරගෙන තිබෙනවා. ඔවුන්ට ආධාර අනුබල දුන් කිහිපදෙනෙක් පමණයි තව අත්අඩංගුවට ගැනීමට ඉතිරි වෙලා තියෙන්නෙ. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන විමර්ශනවල දී මේ ත‍්‍රස්තවාදී කණඩායම පරිහරණය කරන ලද ආරක්ෂිත නිවාස 17ක් අනාවරණය කරගැනීමට මේ වෙද්දි හැකිවෙලා තිබෙනවා. මං ඒ ප‍්‍රදේශ වශයෙන් ඔබගේ පහසුව සඳහා සඳහන් කරන් නම්. මේ 17, කටුවාපිටිය, මීගමුව, සරික්කමුල්ල, පානදුර, ශාන්ත අන්තෝනි පාර කොළඹ 03, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, වනාතවිල්ලූව, එෙඞ්රමුල්ල – වත්තල, මයුරා පෙදෙස – කොළඹ 06, සයින්ද මර්දු, මල්වාන, තිහාරිය, කළගෙඩිහේන, කොච්චිකඬේ, දළුන්කාටුව, වාලච්චේන, රිදියතැන්න, සුපාර්දිපුර, කුලියාපිටිය, හෙට්ටිපොළ, කටුපොත, නින්¥ර්, සමන්තුරේ, කියන ප‍්‍රදේශවල තමයි ඒ ආරක්ෂක නිවාස.

ඊට අමතරව මොවුන් පුහුණු කඳවුරු වශයෙන් සහ නොයෙක් පුහුණුවීම් සඳහා ඒ පුහුණු වැඩමුළු පැවැත්වීම ස\හා පාවිච්චි කරපු ස්ථාන 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා. එම ස්ථාන 7ක් ප‍්‍රදේශ වශයෙන් සඳහන් කරනවා නම් වනාතවිල්ලූව, හම්බන්තොට, නුවරඑළිය, නුවර, අරුප්පොල, මල්වාන, කාත්තණ්කුඩි හා වාලච්චේන කියන ප‍්‍රදේශවල.

බලපත‍්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය භාරදීමට කාලය දීර්ඝ කළා

ඒ වගේම බලපත‍්‍ර රහිතව ප‍්‍රදේශවල නීති විරෝධීව තබාගෙන සිටින පුපුරන ද්‍රව්‍ය පිළිබඳව පොලිස් ස්ථාන වෙත දැනුම් දීම සඳහා අපි කාලයක් ප‍්‍රකාශයට පත් කරලා තිබුණා. ඒ කාලේ අපි තව දුරටත් දීර්ඝ කරනවා. ඒ අනුව මැයි මස 20 වන දින දක්වා. මැයි මස 20 වන දින පෙරවරු 6 දක්වා කාලය තුළදි යම්කිසි පුද්ගලයෙක් ළග තිබෙනවා නම් පුපුරන ද්‍රව්‍ය බලපත‍්‍ර නොමැතිව නීති විරෝධීව ඒ පිළිබඳව වහාම පොලිස් ස්ථානයට දැනුම්දීමට හැකියාව තිබෙනවා. ප‍්‍රජා පොලිස් කමිටු හරහා හෝ ඒ පිළිබඳව දැනුම්දීමට හැකියාව තිබෙනවා. එහිදී ඒ් පුපුරන ද්‍රව්‍ය භාරයට අරගෙන ඒ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට අපි අවශ්‍ය උපදෙස් ලබාදීලා තියෙනවා. මැයි 20 වනදායින් පසුව අපි දිවයින පුරාම ආරම්භ කරනවා මෙහෙයුමක් පුපුරන ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම සඳහා. නීති විරෝධී බලපත‍්‍ර නැතුව තබාගෙන සිටින පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මැයි 20 දිනයෙන් පසුව අපි ඒ මෙහෙයුම ආරම්භ කරනවා.

පොලිස් ඇඳිරි නීතිය

අවසාන වශයෙන් සඳහන් කරන්න තිබෙන්නේ අදත් අද දිනයේත් වයඹ පළාතට වගේම ගම්පහ පොලිස් කොට්ඨාශයට බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරිනීතිය අද පස්වරු 7 සිට හෙට අළුයම 4 දක්වා. මා නැවත සඳහන් කරන්නම් වයඹ පළාතටත් ගම්පහ පොලිස් කොට්ඨාශයට බලපැවැත්වෙන ලෙස ගම්පහ පොලිස් කොට්ඨාශයට අදාළව පොලිස් ස්ථාන ගණනාවක් තිබෙනවා. මා ඒ පිළිබඳව පසුගිය දින දැනුම්දීලා ඇති. මං ඒ ලැයිස්තුව ලබාදීමටත් කටයුතු කරන්නම් ගම්පහ පොලිස් කොට්ඨාශය තුළ තිබෙන පොලිස් වසම් මොනවාද කියන එක. . අද පස්වරු 7 සිට හෙට අළුයම 4 දක්වා. මා නැවත සඳහන් කරන්නම් මා නැවත සඳහන් කරන්නම් වයඹ පළාතට වගේම ගම්පහ පොලිස් කොට්ඨාශයට බලපැවැත්වෙන ලෙස අදත් පස්වරු 7 සිට හෙට අළුයම 4 දක්වා පොලිස් ඇඳිරිනීතිය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපරිම සහාය දෙන්න කියලා සියලූදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

සටහන – ශානිකා සුලක්ෂි තිලකරත්න

Recommended For You

About the Author: Editor