පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ආර්ථික බලපෑම

සමස්ථයක් ලෙස ගත්කල 2018 වසර ආර්ථිකයට දැඩි අභියෝගයක් එල්ල වූ වසරකි.

දැනට ප‍්‍රකාශිත මහ බැංකු දත්ත අනුව, 2018 වර්ෂයේ ජනගහණය මිලියන 21,67 කි. 2014 දී එය මිලියන 20,77 කි. මේ අනුව ශ‍්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය වසරකට ආසන්න වශයෙන් 1% ක තරම් අඩු මට්ටමක පවතී. මේ ජනගහණයෙන් රැුකියා නියුක්ත ශ‍්‍රම බලකාය ගත්කළ 51.8% ක ප‍්‍රතිශතයකි. 2014 දී එය 53.2% කි. විරැුකියාවද ඉතා සුළු වශයෙන් 4.4% දක්වා ඉහළ ගොස් ඇත.

පොදුවේ රැකියා කරන ප‍්‍රමාණය විවිධ හේතු මත අඩුවී ඇති අතර, වැඩිම බලපෑමක් ඇත්තේ කාර්මික ක්ෂේත‍්‍රයේය. වැදගත්ම ආර්ථික මිනුම වන දල ජාතික නිෂ්පාදිතය 2018 දී රුපියල් බිලියන 14,450 කි, මෙය 2014 දී රුපියල් බිලියන 10,361 ක් විය. 2018 දී දල ජාතික නිෂ්පාදිතයේ ඩොලර් අගය ඩොලර් බිලියන 88.9 කි. 2017 දී එය ඩොලර් බිලියන 88 ක් විය.

2018 දී ඒක පුද්ගල ආදායම ගත් කල එය ඩොලර් 4102 ට අඩුවී තිබේ. (2017 දී 4104 ක් විය. රුපියල් වලින් වර්ධන වේගය 3.2% කි. වර්ධන වේගයේ අඩුව සමග ද.ජා.නි. ට සාපේක්ෂව පරිභෝජනය වැඩි වීමත්, ඉතුරුම් අඩු වීමක් (2014 වසරේ 24.2% සිට 2018 දී 21.2% දක්වා පෙනීයයි. එමෙන්ම ආයෝජන ප‍්‍රතිශතයද අඩුවී ඇත. (28.6% – 2018, මෙයින් පෙනී යන්නේ ආර්ථිකය බිඳ වැටී නැති නමුත් ආතතියකට පත්ව නැති බවය. ජනතාව හා රාජ්‍යය ඉතුරුම් අඩු කරමින් පරිභෝජනය වැඩි කර ඇති බවය. එහෙයින් ආයෝජන අඩුවී ඇති බවය.

ශ‍්‍රී ලංකාවේ ලොකුම අර්බුදය ඇත්තේ විදේශ සංචිත හා විදේශ මුදල් ඉපැයීම් ක්ෂේත‍්‍රයේය. අපගේ වාර්ෂික අපනයන ඩොලර් බිලියන 11.890 ක් තරම් වේ. (2014 දී එය ඩොලර් බිලියන 11.130 ක් විය. අපගේ ආනයන ඩොලර් බිලියන 22.233 ක් විය. (2014 දී එය ඩොලර් බිලියන 19.417 ක් විය. එමෙන්ම, මූල්‍ය ජංගම ගිණුමේ හිගය ඩොලර් බිලියන 2.814 ක් වී තිබිනි. රුපියල තවදුරටත් බාල්දු විය. (2018 වසර තුළ ඩොලරයේ මධ්‍ය අගය රු.162.54 කි). ඩොලරයට සාපේක්ෂව දල ජාතික නිෂ්පාදිතය අඩු වීමට මෙය තීරකව බලපෑවේය. රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 13.4% ක සීමාවේ පැවතිනි. (2016 දී එය 14.1% ක් විය) රාජ්‍ය ණය ද.ජා.නි. සාපේක්ෂව 82.9% දක්වා ඉහල ගිය අතර විදේශ ණය ප‍්‍රමාණය 41.2% දක්වා වැඩිවිය.

ලංකා ආර්ථිකයේ දක්නට ලැබෙන සීග‍්‍ර ණය ඉහළ යෑමට හේතුව නම් අයවැය හිගය පියවීමට ණය ගැනීමය. 2005 සිට ලංකාව විදේශ මූල්‍ය වෙළඳපොලට විවෘත කිරීමේ විපාකය නිසා අධි පොලියට කෙටි කාලීනව ගත් විදේශ වාණිජ ණය මහාපරිමාණයෙන් ගෙවීමට සිදුව ඇත. 2019 වසරේ පියවීමට ඇති විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 5.9 ක් වන අතර මැයි 01 වනවිට එයින් ඩොලර් බිලියන 3.8 ක් පියවා තිබුනි. රුපියල අවප‍්‍රමාණය වීමෙන් රුපියල් වලින් ණය බර වැඩිවීමද බරපතල හේතුවක් (15% ක පමණ බරක්) විය. ආර්ථික වර්ධනය දෙස බැලීමේදී 2018 වසරේ ලොකුම දුර්වලතාවය ඇත්තේ කාර්මික නිෂ්පාදනයේය. එම වසරේ කාර්මික නිෂ්පාදනයේ වර්ධනය 0.9% ක් තරම් පහල අගයකි. 2017 දී එය 4.5% ක් පෙන්නුම් කරන ලදී. නියගය නිසා බිඳවැටී තිබුණු කෘෂි නිෂ්පාදනය නැවතත් වර්ධනයක් පෙන්වා තිබිනි. (එය 4.8% කි) මෙයින් පෙනී යන්නේ ඉදිකිරීම් ඇතුළු කාර්මික නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ පසුබැසීමක් හා රැු කියා අත්හැර යෑමත් සිදුව ඇති බවය. විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් 26 ඇතිවූ දේශපාලන අර්බුදයද ආර්ථික තුවාලය තවත් පුළුල් කරන්නට ප‍්‍රබල හේතුවකි.

ඉහත හේතු මත, 2019 ඇරඹුනේම අභියෝග සහිතවය. වසර අග පැවැත්වීමට නියමිත වූ ජනාධිපතිවරණය නිසා හා ආණ්ඩුවේ අභ්‍යන්තර බෙදීම් (ජනපති හා අගමැති) හා බල අරගලය නිසා ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය විදේශ හා දේශීය ආයෝජන වලට බලපා තිබිණි. ඒ අතරේ ගෙවීමට ඇති රු. බිලියන 2200 ක ණය කන්ද එමගින් ඇතිකර ඇති බදු පීඩනය ජනතාව ඉතුරුම් වලට යොමු නොකරන තත්ත්වයක් උදාකර ඇත. එමෙන්ම ස්ථීර අයවැයක් ගතවූ මාස 04 ට නොවීම නිසා රාජ්‍ය ආයෝජනය සීමා වීමද සිදුවිය. මේ නිසා ඉතා අසීරුවෙන් ආර්ථික ගිරි හිස තරණය කරමින් සිටි රටට පාස්කු ප‍්‍රහාරය ඉතා බරපතල ආර්ථික අභියෝගයකි.

පාස්කු ප‍්‍රහාරයේ එක් ඉලක්කයක් වූයේ විදේශිකයන්ය. එයින් අනාගත සංචාරක ව්‍යාපාරයට බරපතල හානියක් සිදුවීමට ඉඩ ඇත. දැනට 2017 සංඛ්‍යාලේඛණ අනුව, සංචාරකයන් 2,333,746 ක් පමණ පැමිණ ඇත. ඒ අතරින් ඉන්දියානුවන් 424,887 ක්ද, චීන ජාතිකයන් 265,965 ක්ද, බි‍්‍රතාන්‍ය ජාතිකයන් 254,176 ක්ද, ජර්මානුවන් 156,808 ක්ද, ඕස්ටේ‍්‍රලියානුවන් 110,925 ක් හා ප‍්‍රංශ ජාතිකයන් 106,444 ක් විය. එමෙන්ම, 2019 වසරේ මුල් මාසවල 2018 ට සාපේක්ෂව වර්ධනයක්ද විය. එය සිදුවූයේ නොවැම්බර්, දෙසැම්බර් මාසවල සිදුවූ දේශපාලන අස්ථාවරත්වයද මැදය. කෙසේ වෙතත් මැයි, ජූනි යනු සංචාරකයන් අඩුවෙන් පැමිණෙන මාස දෙකකි. සංචාරක ව්‍යාපාරයට මේ ප‍්‍රහාර හේතුවෙන් 10% ක බලපෑමක් එල්ලවී යැයි සිතුවද, රටට අහිමිවන විදේශ විනිමය ප‍්‍රමාණය ඩොලර් මිලියන 500 කි. (2018 වර්ෂයේ සංචාරක කර්මාන්තයෙන් උපයන ලද විදේශ විනිමය ඩොලර් මිලියන 4381 ක් විය. 2019 දී ඩොලර් මිලියන 5000 ක අපේක්ෂාවක් ඇත) එමෙන්ම, මෙය සංචාරක ව්‍යාපාර හිමියන්ගේ ණයගැති භාවය, එහි සෘජු රැුකියා කරන 400,000 ක් පමණ වූ පිරිසගේ රැුකියා සුරක්ෂිත තාවය, ආහාර පාන, ප‍්‍රවාහන, භාණ්ඩ සැපයීම් ආදී ලෙස වක‍්‍ර රැකියාවල නියුතු තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආර්ථිකයට බරපතල ලෙස බලපෑමට ඉඩ ඇත.

පොදුවේ සංචාරක ව්‍යාපාරය රටේ ද.ජා.නි. 5% ක් පමණ දායකත්වයක් දරන නිසා එමගින් ඇතිවන බලපෑම ආර්ථික වර්ධනයට හා විරැු කියාවට බලපානු ඇත. මේ නිසා වහාම සංචාරක ක්ෂේත‍්‍රය සඳහා ආර්ථික සහන මල්ලක අවශ්‍යතාවය පැනනැගී ඇත. දෙවනුව, මේ ප‍්‍රහාරය රාජ්‍ය අයවැයට බලපායි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය රුපියල් බිලියන 283 ක් (2018) විය. මෙය ද.ජා.නි. 2% කි. 2019 දී එය රුපියල් මිලියන 356 ක් විය. ප‍්‍රාග්ධන වියදම රුපියල් බිලියන 36.7 ක් විය. සමස්ත වියදම බිලියන 393 කි. එනම්, ත‍්‍රස්ත විරෝධී මෙහෙයුම් නිසා මෙකී මුදල් 10% කින් (එනම්, රුපියල් බිලියන 39.3 කින්* ඉහළ ගියහොත් අය වැය හිගය 0.3% කින් (ද.ජා.නි. 4.7% දක්වා) ඉහල යනු ඇත. එය මුළු ණය ගැනීම් ඉහළ යෑමටත්, රුපියල තවදුරටත් පීඩනයට ලක් කිරීමටත්තු ඩුදෙනු ඇත.

ආරක්ෂක තත්වයේ බිඳවැටීම නිසා පොදුවේ වෙළඳාම, අපනයනය, ආනයනය ආදියට සිදුවන
බාදා නිසා බදු ආදායමටද තර්ජනයක් එල්ලවනු ඇත. විශේෂයෙන් ආරක්ෂක තත්ත්වයන්ගේ
බලපෑම ගුවන් තොටුපල සේවාවන්ට අයහපත් ලෙස බලපානු ඇත.

වෙළඳපොළ ආර්ථිකයේ ප‍්‍රධානතම පදනමක් වන්නේ රාජ්‍යයේ ස්ථාවරත්වයයි. ආයෝජන, නිෂ්පාදන, පරිභෝජන සියල්ලම රාජ්‍ය ආරක්ෂාව, සමාජ සාමය හා ආණ්ඩුවේ ස්ථාවරත්වයට
බලපායි. මෙය සෘජුවම විදේශ ආයෝජන මෙන්ම විදේශවලින් මුදල් සොයාගැනීමේදී ද දුෂ්කරතා මතුකරයි. ආණ්ඩුවේ අස්ථාවර ස්වභාවය නිසා හැකිලෙමින් ඇති වෙළඳපොලට එළැඹෙන
ජනාධිපතිවරණය මාරක ලෙස බලපෑමටද ඉඩ ඇත. කෙසේ වෙතත් ප‍්‍රහාරයෙන් සතියකට
පසුව පෙනීගියේ කොටස් වෙළඳ පොල හෝ මූල්‍ය වෙළඳපොල ට එතරම් බලපෑමක් සිදුවී නැති
බවය. එමෙන්ම, විනිමය අනුපාතයටද ලොකු බලපෑමක් (තෙල් මිලට අමතරව) එල්ල වී නැති
බවය. මෙය සාධනීය තත්ත්වයකි.

පොදුවේ සඳහන් කළ යුත්තේ අධික ණය බර, එයින් උපන් බදු බර, නිශ්චිත ආර්ථික උපායමාර්ග යක් නොමැති නිසා දුර්වලව ඇති ආයෝජන හා අපනයන ක්ෂේත‍්‍ර, ක‍්‍රමයෙන් වැඩිවන තරුණ, උගත් විරැුකියාව ආදිය විසින් ශ‍්‍රී ලංකාව ආර්ථික ප‍්‍රපාතයක අභිමුවට ගෙනැවිත් ඇති බවය.
තවත් එක් ප‍්‍රහාරයක් විසින් නොපෙනෙන අගාධයකට ශ‍්‍රී ලංකා ආර්ථිකය ඇද වැටීමට ඉඩ ඇත.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය එවැන්නක් බවට පත් නොවීමට අප වගබලා ගත යුතුය. මේ නිසා වහාම ජනාධිපතිවරණයට පෙර අයවැයට සමගාමීව ආර්ථික සහන හා උත්තේජන
ක‍්‍රියාවලියක් හඳුන්වා දිය යුතුය.
එහිදී,

1 සංචාරක ව්‍යාපාරයේ නියැලෙන විශාල, මධ්‍යම හා කුඩා ව්‍යාපාරිකයන්, ඔවුනගෙන්
යැපෙන සෘජු රැකියාලාභීන් සහ සංචාරක ව්‍යාපාරයට වක‍්‍ර ඉපැයීම් සිදුකරන සුළු හා
මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ඔවුනගෙන් යැපෙන්නන්, ඉලක්ක කරගත් සුදුසු සහන
හා ව්‍යාපාර උත්තේජන පැකේජයක්

2 සෘජු විදේශ ආයෝජන සඳහා උත්තේජන ක‍්‍රියාදාමයක් (අයවැයට අමතරව)


3 අපනයන හා ආනයනවලට ආරක්ෂක විධිවිධානවල (වරාය, ගුවන්තොට) බලපෑම
අවම කිරීමේ ක‍්‍රියාවලියක්,

4 ජාතික ආර්ථිකයේ කඩිනම් රැුකියා උත්පාදනය කළ හැකි ක්ෂේත‍්‍රවලට දිරි ගැන්වීමත්,

5 රටේ ප‍්‍රතිරූපය ගොඩනැංවීමේ විධිමත් ක‍්‍රියාවලියක් ඇතුළත් විය යුතුය

ජාතික මග මහජන ව්‍යාපාරය විසින් ඊයේ (14) නිකුත් කළ ප‍්‍රකාශනයෙන් (පිටුව 6-8) උපුටා ගන්නා ලදි.

Recommended For You

About the Author: Editor