මැලිබන් Global Performance Excellence සම්මානයෙන් පිදුම් ලබයි

මැලිබන් බිස්කට්ස් (පුද්.) සමාගම තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට මෑතකදී සමත් විය. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ජුමෙරා එතිහා ටවර්ස් හෝටලයේදී පැවති Global Performance Excellence සම්මාන උළෙලේදී (GPEA) විශිෂ්ටතම ජාත්‍යන්තර සම්මානයක් දිනාගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි.

ආසියානු කලාපයේ ගෝලීය විශිෂ්ටත්ව ක්‍රියාකාරීත්වයන් ඇගයීමට ලක්කරන ප්‍රධානතම නිල ජාත්‍යන්තර සම්මාන වැඩසටහන මෙය වේ. ලාභ සඳහා නොවන සංවිධානයක් වන Asia Pacific Quality Organization Inc. (APQO) මගින් මෙය පරිපාලනය කරනු ලබයි. ජාත්‍යන්තර තලයේදී ව්‍යාපාරවල නිරන්තර දියුණුවට සහ තිරසාර සංවර්ධනයට අවශ්‍ය වන ක්‍රියාකාරීත්ව විශිෂ්ටත්වය සම්බන්ධ දැනුම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම ඉලක්කයකි.

Recommended For You

About the Author: Editor