ආරක්ෂක තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව : අපි නීතිය ක‍්‍රියාත්මක කරන්න කිසිසේත්ම පසුබට වෙන්නෙ නෑ – ගුවන් හමුදාපති

ආරක්ෂක අංශ කිසිසේත්ම නීතිය ක‍්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අවධාරණය කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී ගුවන් හමුදාපතිවරයා මේ බව අවධාරණය කළේය. මෙහිදී ගුවන් හමුදාපතිවරයා මෙසේ ද පැවසුවේය.

”ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවව වර්තමාන රටේ ආරක්ෂක තත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යතාව තියෙන නිසා මං හිතුවා මේ අවස්ථාවේදී රටේ ජනතාව වෙනුවෙන් ගුවන් හමුදාවෙන් ඔබේ ආරක්ෂාව පිණිස කෙරෙන රාජකාරි සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න.

ගුවන් හමුදාව, අපේ‍්‍රල් මස 21 වන දින සිදු වූ බෝම්බ ප‍්‍රහාරවලින් පසුව ඒ මොහොතේ සිටම ගුවන් හමුදා භට පිරිස් රටේ ආරක්ෂාව දැඩි කිරීම පිණිස යොදවලා තියෙනවා. විශේෂයෙන් ම ශ‍්‍රී ලංකාවේ ගුවන් තලයේ ආරක්ෂක භාරකරු හැටියට ගුවන් හමුදාව නිරන්තරයෙන්ම ගුවන් තලයේ සම්පූර්ණයෙන්ම ආරක්ෂාව සහිතව අපි පවත්වාගෙන යනවා. එදා පටන්ම එහි කිසිම තර්ජනයක් ලංකාව තුළට නොපැමිණෙන ආකාරයෙන් අපි ආරක්ෂක තත්වය තහවුරු කරලා තියනවා. ඒ වගේම ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව දැඩි කරලා පුළුවන් තරම් දුරට මගීන්ගෙ අවහිරතා අවම කරමින් ආරක්ෂාව දැඩි කරලා තියෙන බවට පවසන්න කැමතියි.

ගුවන් මගීන්ට ඇති වගකීම

මේ අවස්ථාවෙදි මම බලාපොරොත්තුවෙනවා ජනතාවගෙන් ගුවන්තොටුුපළ භාවිත කරන්නට එන යන මගීන්ට සහ අමුත්තන්ට වෙන අවහිරතාවන් අවම කරගැනීමට සහයෝගය දෙන්න කියලා ගුවන් හමුදාවටත්. ඒවගේම ජනතාව විසින් තමන් අවධානය යොමු කරන්න ඕනෙ ගුවන්තොටුපළේ ආරක්ෂාවට තමන්ගෙනුත් යම්කිසි වගකීමක් කරන්න තියෙනවා කියන එක. ගුවන් මගීන් ගන්නට හෝ පිටත්වීම සඳහා ගෙනියන කෙනෙක් ඉන්නව නම් අවම ප‍්‍රමාණයක් එම ගුවන්තොටුපළට ගමන් කිරීමෙන් අපිට පහසුවෙනවා අපේ රාජකාරිය ලේසියෙන් කරගන්න.

පාසල්වලට දරුවන් යැවීමට පැකිළෙන්න එපා

ඒවගේම ගුවන් හමුදාව රටේ පාසල්වල ආරක්ෂාව සඳහා, ආගමික ස්ථානවල ආගම් භේදයකින් තොරව මුස්ලිම්, ක‍්‍රිස්තියානි, බෞද්ධ මේ සියලූම සිද්ධස්ථානවලටත් පාසල්වලටත් ති‍්‍රවිධ හමුදාවේ අනෙක් හමුදාවන් සමග එකට එක් වී යුද හමුදාව, නාවික හමුදාව, පොලීසිය, විශේෂ කාර්යය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය යන මේ සියලූම දෙනා එක් වී අපි ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ඉතින් මා ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ දී දෙමව්පියන්ගන් පාසල්වලට දරුවන් යැවීමට පැකිළෙන්න එපා. අපි අනිවාර්යයෙන්ම පාසල්වලට අවශ්‍ය කරන ඒ ආරක්ෂාව අපි තහවුරු කරලා තියෙනවා.

අපි නීතිය ක‍්‍රියාත්මක කරන්න කිසිසේත්ම පසුබට වෙන්නෙ නෑ

රටේ යම්කිසි ස්ථානයක වෙන අකටයුත්තක් යම්කිසි කලබැගෑනියක් හෝ කෝලහලයක් ඇති කරන්නට යන පුද්ගලයින් ගැන නිරන්තරයෙන්ම ගවේෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. එම නිසා මතක තියාගන්න අපි නීතිය ක‍්‍රියාත්මක කරන්න කිසිසේත්ම පසුබට වෙන්නෙ නෑ. දැඩි ලෙස මේ නීතිය කි‍්‍රයාත්මක කරනවා. මේ වගේ දේවල්වලට සහභාගිවෙන්න එපා.

ඒවගේම අපි දැක්කා පසුගිය දවස්වල සිදු වූ යම් යම් සිදුවීම් තුළින් රටට විශාල හානියක් සිද්ධවෙනවා. මොකද මේ කරන කෝලහලවලින් ඒවා රූපවාහිනීමාධ්‍ය මගන් සහ සමාජ මාධ්‍ය ජාලා මගින් ලොව පුරාවටම පැතිරිලා යනවා. ශ‍්‍රී ලංකාවට විශාල අපකීර්තියක් මේ මගින් ලැබෙන බව මතක තියා ගන්න ඕනි. ඒවගේම තමයි මම අවසාන වශයෙන් කියන්න තැමතියි. රටේ ජනතාවට මේ රටේ සාමය ඇති කිරීම පිණිස සියලූම ආගම් එකතුවෙලා ආගම් භේදයකින් තොරව ජාති භේදයකින් තොරව එක ශී‍්‍ර ලංකාවක් හැටියට එක ජාතියක් හැටියට අපි නැගීසිටින්න අපි එකමුතු වී කටයුතු කරමුකියන ඉල්ලීම මේ අවස්ථාවේදී කරන්න කැමතියි.

සටහන – ශානිකා සුලක්ෂි තිලකරත්න

Recommended For You

About the Author: Editor