ඇමැති රිෂාඞ්ට එරෙහි විශ්වංසභංග යෝජනාවට පක්ෂව ඡන්ද ප‍්‍රකාශ කරන බව ප‍්‍රසන්න කියයි

ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව අද භාර දුන් විශ්වංසභංග යෝජනාවට තමා විදේශගතව සිටින බැවින් අත්සන් තැබීමට නොහැකි වූ බවත් ඒ සඳහා ඡන්දය විමසන අවස්ථාවේ තමා එයට පක්ෂව ඡන්ද ප‍්‍රකාශ කරන බවත් කතානායකවරයාට දැනුම් දුන් බව ප‍්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මේ දිනවල මා විදේශගතව සිටින නිසා ඇමති රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යෝජනාවට අත්සන් කිරීමට නොහැකි විය.

කෙසේ වෙතත් විපක්ෂය රිෂාද් බදුර්දීන් අමාථ්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් මුලින් ගෙන ඒමට තීරණය කර ඇත. අමාථ්‍යවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයාට භාරදීම සදහා අවශ්‍ය වන්නේ මන්ත්‍රී අත්සන් 20ක් වුවද උපරිම මන්ත්‍රී අත්සන් සංඛ්‍යාවක් සහිත මෙම  විශ්වාස භංග යෝජනාව කථානායකවරයාට භාරදීමට විපක්ෂය තීරණය කර තිබෙණි.

මේ දිනවල විදේශගතව සිටින මා හට එම විශ්වාස භංග යෝජනාවට අත්සන් කිරීමට නොහැකි වුවද මේ සම්බන්ධ ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේදී යෝජනාවට පක්ෂව ඡන්දය පල කරන බව කථානායකවරයාට අද (16) ලිඛිතව දැනුම් දුනිමි.

රිෂාද් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පල කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියළු දෙනාගෙ යුතුකම හා වගකීම බවද අවධාරණය කරමි.

Recommended For You

About the Author: Editor