ආරක්ෂක අංශ කරන මෙහෙයුම්වලින් ආණ්ඩුව ලකුණු දාගන්න හදනවා – රෝහිත අබේගුණවර්ධන

එදා නොහැකියාව පෙන්නපු ආණ්ඩුව දැන් ආරක්ෂක අංශ කරන්නා වු මෙහෙයුම් තමන්ගේ වැඩක් බව පෙන්වන්න උත්සාහ කරනවා යැයි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද සංවිධානය කළ මාධ්‍ය හමුවේදී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මෙසේ ද පැවසුවේය.

මේ ආණ්ඩුව කෙරෙහි ජනතාවට විශ්වසයක් නැති වෙන්න හේතු ඕනේ තරම් තියෙනවා. විරුද්ධ පක්ෂයක් ලෙස අපි මේ දේවල් හෙළි කළාම බොරදියේ මාලූ බානවා කියනවා. මේ රටේ මහ නායක හිමිවරුන්ට, සංඝරත්නයට, පියතුමන්ලාට අනෙකුත් මුස්ලිම් පූජකතුමන්ලා කියනවා ආණ්ඩුව දිගින් දිගටම වරද්දා ගන්න බව. මේ සිද්ධි සම්බන්ධයෙන් පරික්ෂණ කළෙත්, අත්අඩංගුවට ගැනීම් කළෙත් පොලීසියේ හා රණවිරුවන්ගේ තියෙන දක්ෂකම නිසයි. මේ ආණ්ඩුවේ ඉන්න නායකයින්ට එහි ලකුණු ගන්න බැහැ. නායකයින්ගේ නොහැකියාවයි පෙන්නුවේ. එදා නොහැකියාව පෙන්නපු ආණුඩුව දැන් ආරක්ෂක අංශ කරන්නා වු මෙහෙයුම් තමන්ගේ වැඩක් බව පෙන්වන්න උත්සාහ කරනවා. බෝම්බ වැදිලා මිනිස්සු මැරෙද්දි දන්නේ නැහැ. දැන් සොයා ගැනීම් කරද්දි ඒක අපේ වැඩක්ලූ. මේක ආණඩුවේ දෙබිඩි පිළිවෙත.

ගම්පහ කුරුණෑගල සිද්ධි නොවිය යුුතුයි. නමුත් මේවා පිටුපස ඉන්නේ කවුද? ආණ්ඩුවට පැවැත්මක් නැති නිසා මහ ජාතිය සුළු ජාතියට ගහනවා මරනවා කියලා පෙන්වන්න හදනවා. රාජ්‍ය නොවන සංවිධාන 10ක් සාම හමුදාව ලංකාවට ගේන්න කියලා ඉල්ලන්න සූදානම් කියලා වාර්තා වෙනවා. මේ 10 ලැස්ති වෙන්නේ මොකටද? බෝම්බ පුපුරලා ජිවිත හානි වෙනවා. ඒකෙන් පස්සේ නිහැඩියාවක් ඇති වෙනවා. ඒකෙන් පස්සේ කඩ සාප්පු ගිනි ගන්නවා.ඒ එක්කම රාජ්‍ය නොවන සංවිධාන නඩයත් ඉල්ලිම් කරනවා. සාම සාධක හමුදාවක් ආවම මේ රජය මේ විදියටම තියෙනවා. ඇමැතිවරු ටික ඒ විදියටම ඉන්නවා. ඡුන්ද නම් නැහැ. දේශපාලන වශයෙන් විපක්ෂය දඩයම් කරන වැඩපිළිවෙලකට ආණ්ඩුව සූදානම් වුණත් මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න එපා කියලයි අපි ඉල්ලන්නේ.

මෙහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා ද කතා කළේය. අනුරුද්ධ මහතා මෙසේ කීවේය.

පොලීසිය ගැන විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වෙයිද කියන සිතුවිල්ල ඇති වුණා විතරයි. හිටපු පොලිස්පතිවරයා කටයුතු කළේ රජයට ඕන විදියට කියන එක මේ වෙද්දි හෙළිවෙමින් තිබෙනවා. රජයේ වගකිය යුත්තන්ට තොරතුරු දීලා තිබුණ බව එතුමා පැහැදිලිව කිව්වා. වැඩ බලන පොලිස්පතිවරයාටත් කියන්නේ ඒ වරදම නොකර මේවා ගැන හරි පරික්ෂණ කරන්නයි අපි ඉල්ලා සිටිනවා.

අපි වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලන්නේ නිතිය නවන තැනට ඔබතුමා නම් යන්න එපා කියලයි

අපි වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලන් නේ නිතිය නවන තැනට ඔබතුමා නම් යන්න එපා. නිතිය නවන්නේ නිලධාරින් නෙවෙයි. දේශපාලනඥයෝ නීතිය නවවනවා. එදා තිබුණු නිදහස අද ආරක්ෂක අමාත්‍යංශයට නැහැ. එදා තිබුණු නිදහස අද පොලීසියට නැහැ. මිනුවන්ගොඩ වුණේ මොකක්ද? මත්ද්‍රව්‍ය වැටලීම් කරද්දි නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන අපිට ලොකු විශ්වාසයක් තිබුණා. අද මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ කිසිම දේකට සම්බන්ධ නැති මිනිස්සුන්ට ප‍්‍රශ්න. රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් සිද්ධය වුණු භූමියේ ඉන්නවා. එදා ලේබල් ගහලා ජවිපේ අය අත්අඩංගුවට ගත්ත ගෝනිබිල්ලා ක‍්‍රමයටමයි අද අත් අඩංගුවට ගැනීම් වෙන්නේ.

රටේ ඇමැතිවරුන්ට නිතිය කි‍්‍රයාත්මක වෙන්නේ නැති නිසයි අපි විශ්වාසභංගය ගෙනාවේ

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී. වී. චානක මහතා කියා සිටියේ,
‘‘අපි විශ්වාසභංග යෝජනාවක් ගේන්න තිරණය කළා. එජාප පසු පෙළ මන්තී‍්‍රවරු කියනවා මේක 2.50 විශ්වාසභංග යෝජනාවක්ලූ. ඒකද එජාපයේ මතය. පළවෙනි චෝදනා විදිට තියෙන්නේ රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාගෙන් හමුදාපතිවරයාට බලපෑම් වුණු බවයි. ඒ චෝදනාව හමුදාපතිවරයා තුන් පාරක් සනාථ කරලා තියෙනවා. යුධ හමුදාපතිවරයාට මෙහෙම බලපෑම් වෙනවා නම් පොලිස්පතිට, ගමේ ඕ. අයි. සීට මොන විදියට බලපැම් ඇද්ද. මෙහෙම තමයි එදා රිෂාඞ් බදියුදින් ඇමැතිවරායගේ සහෝදරයා හමුදාවෙන් අල්ලලා පොලීසියට දුන්නාම නිදහස් වෙන්නේ. රටේ ඇමැතිවරුන්ට නිතිය කි‍්‍රයාත්මක වෙන්නේ නැති නිසයි අපි විශ්වාසභංගය ගෙනාවේ.

Recommended For You

About the Author: Editor