කාලගුණ අනාවැකිය : නිරිත දිග ප‍්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි මස 20 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව,මධ්‍යමසහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.

Recommended For You

About the Author: Editor