ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට (21) යෙදී තිබේ. මෙවර ජෛව විවිධත්ව දිනයේ තේමාව වන්නේ ‘‘අපේ ජෛව විවිධත්වය, අපේ ආහාර, අපේ සෞඛ්‍යය’’යන්නයි.

මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් දැවැන්ත තර්ජනයකට ලක්ව ඇති ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳව මුලින්ම අවධානය යොමු වූයේ 1992 මැයි 22 දා ‘‘නයිරෝබි නුවර’’ පැවැති ‘‘සමුළුවේදීය. එහිදී ජෛව විවිධත්වය සංරක්ෂණය පිළිබඳව ලිඛිත එකඟතාවකට රාජ්‍යයන් අත්සන් තැබීය.

මෙම සමුළුවෙන් පන්නරය ලත් රාජ්‍යයන් විසින් 1993 දෙසැම්බර් මස 29 වැනිදා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැුස්වීමේ දෙවැනි කමිටු වාරයේදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණියේය. එම ඉල්ලීම 2000 වර්ෂයේ දෙසැම්බර් මස රැස් වුණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ අනුමත වූ අතර ‘‘නයිරෝබි එකඟතා’’ වලට ගරු කිරීමක් වශයෙන් මැයි 22 වැනිදා දිනය ‘‘ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය’’ ලෙස නම් කරන ලදි.

Recommended For You

About the Author: Editor