
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
විවෘත තරග විභාගයකින් සමත්ව ලකුණු මට්ටම අනුව මෙම පිරිස තෝරාගෙන ඇත. ශාඛා 276කින් සමන්වත ප්‍රාදේශීය සංවර්ධන බැංකු ජාලය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය ලබා දීමේ දී සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටියි.