අද දින නිදහස් කිරීමට නියමිත ඥාණසාර හිමි වෙනුවෙන් කොළඹ උත්සව හෝ ආගමික වතාවත් නෑ

රටේ පවතින තත්ත්වය අනුව ප්‍රමුඛ වන්නේ ආරක්ෂාව හා සාමය වන බැවින් නිදහස් අද දින නිදහස් කිරීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් කොළඹ කිසිඳු උත්සවයක් හෝ ආගමික වතාවක් නොපවත්වන බව බොදුබල සේනා සංවිධානයේ විධායක කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ ඥාණසාර හිමියන් වෙනුවෙන් කොළඹට පැමිණීම වෙනුවට ගමේ විහාරස්ථානයේ ආගමික කටයුතු කොට, සෑම නිවසකම අද සිට බෞද්ධ කොඩියක් ඔසවා සහයෝගය හා කැපවිම දක්වන ලෙසටය.

තවදුරටත් ඔහු පවසා සිටියේ හාමුදුරුවෝ  නිදහස්වීමට  ජනාධිපතිවරයා අත්සන්  තැබුවද තවදුරටත්  ලේඛන රාශියක් සකස් කල යුතු බැවින් නිදහස් වීමට යම් ප්‍රමාදයක් සිදුවීම විය හැක බවය.

Recommended For You

About the Author: Admin