
ජනපති සමාව ලැබ සිටින ඥානසාර හිමියන් අද දහවල් වන විට බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිත බව ද අද සවස සිදුවන නිදහස් කිරීමට ඥානසාර හිමියන් සූදානම් වෙමින් සිටින බව ද බන්ධානාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට විතාරන්දෙනියේ නන්ද හිමියන් ඇතුළු බොදුබල සේනා සංවිධානයේ ප්රබලයින් පිරිසක් සහ ඥානසාර හිමියන්ගේ මව ද බන්ධනාගාර රෝහල වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ අතර බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද උදෑසන මන්ත්රී තිලංග සුමතිපාල මහතා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ද ඥානසාර හිමියන් බැහැදැකීම සඳහා බන්ධනාගාර රෝහලට පැමිණ සිටි බවයි.
අද සවස ඥානසාර හිමියන් නිදහස් කිරීම පිළිබඳ ආරංචිය මත තවත් පිරිස් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණෙමින් සිටින බව ද සඳහන් වේ.