පාස්කු ඉරිදා සහ ඉන්පසු සිදුවීම් ගැන සොයන විශේෂ තේරීම් කාරක සභාව පත් කරයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ එයින් පසු ඇති වූ සිදුවීම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වූ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පත් කළා.

තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පත්කර ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය රාවුෆ් හකීම් මහතා,අමාත්‍ය රවී කරුණානායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා,මන්ත්‍රී මහාචාර්ය ආශූ  මාරසිංහ මහතා, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පත් කර ඇති බව කතානායකවරයා නිවේදනය කළා.

Recommended For You

About the Author: Editor