අවස්ථාවාදීන්ගේ පටු අරමුණු පරාජය කිරීමට එක්වන්න – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

අවස්ථාවාදීන්ගේ පටු අරමුණු පරාජය කිරීමට එක්වන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩි දුරටත් කරුණු සඳහන් කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා,

බදුරලිය පොලිස් වසමේ දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල දමා ගොස් තිබුණ අත් බෝම්බ කිහිපයක් ඊයේ රාත්‍රියේ බදුරලිය පොලීසිය විසින් සොයාගනු ලැබීය. එම පාසලේ ආරක්ෂවට යොදවා සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ දැනුම් දීම මත බදුරලිය පොලීසිය විසින් මෙම අත්බෝම්බ කිහිපය සොයාගනු ලැබීය.

රට තුළ නීතිය හා සාමය ඉතා හොඳින් ස්ථාපිත වී ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති මෙවන් අවස්ථාවක ඉතා පටු අරමුණු කිහිපයක් සාක්ෂාත් කරගැනීම සඳහා සමාජ තුළ අනියත බියක් ඇති කිරීමට මෙම අත්බෝම්බ කිහිපයක් ගැනවිත් දමා ඇති බව  පැහැදිලියි.

මේ වන විට පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මේ නින්දිත ක්‍රියා සිදු කළ පුද්ගලයා පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබිමින් පවතින අතර ඔහු නොපමාව අත්අඩංගුවට ගැනීමට පියවර ගැන ඇත. මේ අවස්ථාවේදී මෙවැනි ක්‍රියාවලට බිය නොවී අවස්ථාවාදීන්ගේ පටු අරමුණු පරාජය කරන්න එකතු වෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කර සිටි. මේ පිළිබඳ මතුගම මහේස්ත්‍රාස් අධිකරණයෙන් ලබාගත් නියෝගයට අනුව අත් බෝම්බ කිහිපය යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය යොදවා විනාශ කිරීමට කටයුතු කළා.

අප්‍රේල් මස 21 වන දින ප්‍රභාරයේ ත්‍රස්ථවාදි කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත් වූ බවට සැක පිට සැකකරුවන් 05 දෙනෙක් හොරව්පතාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

අප්‍රේල් මස 21 වන දින ප්‍රභාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේත්  ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය භාරයේත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවන්ගෙන් ඔවුන්ගේ වත්කම් පිළිබඳවත් මේවන විටත් දීර්ඝ විමර්ශනයක් සිදු වෙමින් පවතී.

ඒ අනුව, මේ පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම් 41ක මෙහෙයුම් මේ වන විට තහනම් කිරීමට පියවර ගෙන ඇත. ඒ බැංකු ගිණුම් වල රු. මිලියන 134 ක් මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කර තිබෙනවා. ඊට අමතරව තවත් රු මිලියන 14 ක පමණ මුදලක් මේ වන විට සොයාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට මේ මුදල ලබාගෙන තිබෙනවා. ඊට අමතරව රු. බිලියන 7ක පමණ වෙනත් වත්කම් පිළිබඳව විමර්ශන පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.   

Recommended For You

About the Author: Editor