පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන කාරක සභා විවාදය ආවරණයට මාධ්‍යයට ඉඩ ඉල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ විශේෂ තෙරිම් කාරක සභාව මාධ්‍යයට ආවරණය කිරීමට ඉඩ සලසා දෙන්නැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ලබන මාසය වනවිට මාධ්‍ය අංශයක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත වන බවත් පවතින බාධක ඉවත් කිරීමට උපදෙස් ලබාදී තිබෙන බවත් කතානායකවරයා එහිදී සඳහන් කළේ ය.

මෙහිදී අඳහස් දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේ,පාර්ලිමේන්තුවේ කටයුතු හැකිතාක් රූපවාහිනිය,ගුවන්විදුලිය ඔස්සේ ජනතාවට දැනගැනීමට ඉඩ සළසා දිය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු කමිටුවලින් විශාල වැඩකොටසක් සිදු කරන බවත් ඒවා සඳහ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් නොලැබෙන බව පැවසීය. එමෙන්ම ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ඇති බාධක ඉවත් කරගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

Recommended For You

About the Author: Editor