සමබර දකුණු අප‍්‍රිකාවට මුහුණදීමට ලංකාවට හැකිවේවිද ?

ලෝක කුසලානය සඳහා පෙරහුරුවක් වශයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු පුහුණු තරගය අද ප.ව 03.00 දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග ‘‘කාඩිෆ්’හිදී ආරම්භ වෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරයේ දී ස්කොට්ලන්තය සමග සහභාගී තරග දෙකෙන් එකක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණා. අනෙක් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දක්ෂා දැක්වූ අතර ලකුණු 35ක පහසු ජයක් ලබා ගැනීමට ද සමත් වුණා.

එහෙත් ක‍්‍රීඩා විචාරකයින් කියන්නේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ශ‍්‍රී ලංකාවට දැඩි අභියෝගාත්මක එකක් වනු ඇති බවයි. ඊට හේතුව වන්නේ මෙවර ලෝක කුසලානයට සහභාගී වන දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමබර කණ්ඩායමක් වීමයි. පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම ඔවුන් මෙවර පරිපූර්ණ බව ක‍්‍රිඩා විචාරකයෝ සඳහන් කරනවා.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඩේල් ස්ටේන් සමග කගීසෝ රබාඩා සහ ලුන්ගි එන්ගිඩි මෙන්ම මේ වසරේ අයි.පී.එල්.තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්වූ ඔවුන්ගේ දඟපන්දු තුරුම්පුව ඉම්රාන් තාහීර් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රතිවාදී කණ්ඩායම්වලට දැඩි තර්ජනයක් වන බවයි විචාරකයින් කියන්නේ.

අද පුහුණු තරගයේදී මේ තර්ජනයට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට ද සිදුවෙනවා.

Recommended For You

About the Author: Editor