Brexit සාර්ථක නොවූ නිසා තෙරේසා මේ අගමැතිකම හා පක්ෂ නායකත්වය අතහරී

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එළඹෙන ජුනි මස 07 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඊට හේතුව වශයෙන් දක්වන්නේ අවස්ථා තුනකදීම Brexit ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ඇයට නොහැකි වීමයි.

අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව කියා සිටියා. 

මෙහිදී තෙරේසා මේ අගමැතිනිය මෙසේ සඳහන් කළා. ” බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (Brexit) සම්බන්ධයෙන් තමන් හැකි පමණින් උත්සහ කළත් එය සාර්ථක වුයේ නැහැ. ඒ සදහා මම අවස්ථා තුනකදී උත්සහ කළා. බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වශයෙන් සේවය කිරීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකනවා වගේම මෙය සෑම දෙනාටම නොලැබෙන අවස්ථාවක්” යැයි සිය සමුගැනීමේ නිවේදනය සිදුකරමින් තෙරේසා මේ ප්‍රකාශ කර සිටියා.

තමන් නියෝජනය කරනු ලබන කොන්සෙකටිව් පක්ෂයේ නායකත්වයෙන් ද  එළඹෙන ජුනි මස 07 වෙනිදා ඉල්ලා අස්වෙන බවට ඇය මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.

Recommended For You

About the Author: Editor