ශ‍්‍රී ලංකාවේ ජනපති – අගමැති කඹ ඇදිල්ල නතර කරන තුරු ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න බැහැ – ජ්‍යේෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක්

‘‘අමු බුද්ධි තොරතුරු හැම මොහොතකම අන්නතවත් සංසරණය වෙනවා. ඒවායින් අහවල් එක බාරගත්තා නම් මේක වළක්වා ගන්න තිබුණා කියන කතාව මෝඩයි. ඔව්, ඒ අතරේ සැබෑ වූත්, වැදගත් වූත් තොරතුරුත් තිබුණා තමයි. ඒත් දහස් ගාණක් ව්‍යාජ බුද්ධි තොරතුරු අස්සේ හරි එක අපි කොහොමද එක පාරටම තෝරා ගන්නේ ?”

ශ‍්‍රී ලංකාවේ ජනතාවට ජාතික ආරක්ෂාව ගැන සහතිකයක් ලබාදීමට අවශ්‍ය නම් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර කඹ ඇදිල්ල වහාම නතර කිරීම හෝ දෙදෙනාට එකට වැඩ කරන්න හැකි ක‍්‍රමවේදයක් සොයා ගැනීම වහාම කළ යුතු යැයි ජ්‍යේෂ්ඨ දේශපාලන විද්‍යාඥ ‘‘ජොනා බැලෑන්ක්’’ Jonah Blank අවධාරණය කරයි.

පසුගිය මැයි 17 වැනිදා ‘Daily FT’ පුවත්පතේ පළ වූ ජොනා බ්ලෑන්ක් සමග සම්මුඛ සාකච්ඡවක මේ බව සඳහන්ව ඇත. මෙහිදී ඬේලි එෆ්.ටී පුවත්පත වෙනුවෙන් නිලන්ත ඉලංගමුව කළ සාකච්ඡවේදී බ්ලෑන්ක් මෙසේ ද සඳහන් කර ඇත.

මේ වගේ ත‍්‍රස්ත ප‍්‍රහාර අනාගතේ ඇතිවීම වළක්වාගත හැකි යැයි ඔබ සිතන යෝජනා තියෙනවාද ?

‘‘ඔව්, ශ‍්‍රී ලංකාව ගැන එහෙම යෝජනා කිහිපයක් කරන්න පුළුවන්.

ජනපතිවරයා සහ අගමැතිවරයා අතර තිබෙන කඹ ඇදිල්ල ඉවරයක් කරන්න. රටේ ඉන්න ඉහළම දෙන්නා කුළල් කා ගන්න කොට, රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ඒ දෙන්නා සහතික කරන්නේ කොහොමද ? අත්‍යවශ්‍යම නම් මැතිවරණයක් තියන්න. එහෙම නැතිනම්, දෙන්නට එකට වැඩ කරන්න පුළුවන් ක‍්‍රමයක් හොයා ගන්න.

ප‍්‍රති – ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් පිළිබඳ බුද්ධි තොරතුරු බෙදා ගැනීමට වෙනත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. මේ සැරේ වුණේ ඉන්දියාවෙන් ලැබුණු තොරතුරු මත කටයුතු නොකිරීමයි. මේ අංශය ගැන ඉන්දියාවට තොරතුරු සම්භාරයක් තිබෙනවා. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, සහ වෙනත් රාජ්‍යයන්ටත් එහෙම බුද්ධි තොරතුරු තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව සමග එකට වැඩ කරන්න. මීට කලින් ලංකාවේ ත‍්‍රස්ත – විරෝධී සහ කැරලි – විරෝධී ක‍්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව හොඳ එකක් නොවෙයි. ආණ්ඩුවේ දරුණු ක‍්‍රියාකාරකම් නිසා එදා දෙමළ ජනතාව ආණ්ඩුවට අහිමි වුණා. ඒකෙන් එල්ටීටීඊ සංවිධානයේ ජන පදනම ශක්තිමත් වුණා. ඒ කැරලිකාරී / ත‍්‍රස්තවාදී කණ්ඩායමේ ශක්තිය තර වුණා. ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව සම්බන්ධයෙන් කළ ඒ වැරැද්ද මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් මෙවර නොකළ යුතුයි.

‘‘අයි.එස්.අයි.එස් සංවිධානය ශ‍්‍රී ලංකාව තෝරාගත්තා නොව ශ‍්‍රී ලංකාවේ කල්ලියක් අයි.එස්.අයි.එස් සංවිධානය තෝරා ගෙන තිබෙනවා”

මෙහිදී නිලන්ත ඉංලගමුව පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ලංකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් බ්ලෑන්ක්ගේ මතය විමසූ විට ඔහු කියා සිටියේ,

‘‘අයි.එස්.අයි.එස් සංවිධානය ශ‍්‍රී ලංකාව තෝරාගත්තා නොව ශ‍්‍රී ලංකාවේ කල්ලියක් අයි.එස්.අයි.එස් සංවිධානය තෝරා ගෙන තිබෙනවා. ඒක ඕනෑම තැනක වෙන්න පුුළුවන් දෙයක්. නමුත් මේ අවස්ථාවේ ඒක ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදීන් අතට ගිහිල්ලා තියෙනවා’’

මෙහිදී බුද්ධි අංශ සම්බන්ධයෙන් සිය අදහස් දක්වන ජොනා බැලෑන්ක් මෙසේ සඳහන් කළේය.

‘‘සිද්ධියක් වුණාට පස්සේ වෙච්ච දේට හේතු කියන එක එච්චර අමාරු දෙයක් නොවෙයි. ඒත්, මේ සිද්ධියේදී පෙනී යනවා, ඉතා බරපතළ දේශපාලනික අසාර්ථකත්වයක් නිසා ආණ්ඩුව පැත්තෙන් දුර්වලතා ඇති වුණා කියලා. විදේශ බුද්ධි සේවාවකින් (බොහෝ විට ඉන්දියාවෙන්) අවශ්‍ය කරන බුද්ධි තොරතුරු සහ අනතුරු ඇඟවීම් ජනාධිපති සිරිසේනගේ කාර්යාලයට ලබාදී තිබෙනවා. ඒත් ඒවා අනුව ප‍්‍රමාණවත් පරිද්දෙන් පියවර ගෙන තිබෙන බවක් පේන්න නැහැ. ඒ තොරතුරු අගමැති වික‍්‍රමසිංහට දීලා නැහැ. ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි අගමැතිවරයා ගැන ජනාධිපතිවරයාගේ විශ්වාසයක් නැතිකම. (ඔහුව එම තනතුරින් පහකරන්නත් ජනාධිපතිවරයා බැලූවා) ඒක නිසා මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්. දෙවැනි කාරණය තමයි, ඉන්දියාව තමන්ට වඩා අගමැතිවරයාට බරයි කියලා ජනාධිපතිවරයා හිතන නිසා, ඉන්දියාවෙන් එන බුද්ධි තොරතුරුත් ගණන් නොගෙන ඉන්නට ජනාධිපතිවරයා පෙළඹුණා වෙන්නත් ඉඩ තියෙනවා’’

”දහස් ගාණක් ව්‍යාජ බුද්ධි තොරතුරු අස්සේ හරි එක අපි කොහොමද එක පාරටම තෝරා ගන්නේ ? ”

බුද්ධි තොරතුරු බෙදා හදා නොගැනීම පිළිබඳ නිලන්ත කළ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් බ්ලෑන්ක් මෙසේ කීවේය.

‘‘අමු බුද්ධි තොරතුරු හැම මොහොතකම අන්නතවත් සංසරණය වෙනවා. ඒවායින් අහවල් එක බාරගත්තා නම් මේක වළක්වා ගන්න තිබුණා කියන කතාව මෝඩයි. ඔව්, ඒ අතරේ සැබෑ වූත්, වැදගත් වූත් තොරතුරුත් තිබුණා තමයි. ඒත් දහස් ගාණක් ව්‍යාජ බුද්ධි තොරතුරු අස්සේ හරි එක අපි කොහොමද එක පාරටම තෝරා ගන්නේ ?

ජොනා බැලෑන්ක් යනු ‘රැන්ඩි’’ ආයතනයේ ජ්‍යේෂ්ඨ දේශපාලන විද්‍යාඥයෙකි. අග්නිදිග සහ දකුණු ආසියාව පිළිබඳ විශේෂඥයෙකු වශයෙන් ඔහුව පිළිගැනේ. ඔහු මේ වන විට ඉන්දුනීසියාවේ සිට කටයුතු කරයි.

Jonah Blank is an American author, journalist and foreign policy expert, specializing in the culture, history and affairs of the Indian subcontinent. Wikipedia

Recommended For You

About the Author: Editor